තාවකාලිකව වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු අද (07) සිට යළි ආරම්භ කරයි.
ඒ අනුව යළිත් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු සුපුරුදු පරිදි ආරම්භ කෙරෙන බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ.
පසුගිය 15 වන දින සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු තාවකාලිකව නවතාදමන ලද්දේ බොරතෙල් තොග නොමැති වීම හේතුවෙනි.
කෙසේ වෙතත් උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා දින 22කට පසුව යළිත් එහි කටයුතු අද (07) දිනයේ ආරම්භ වීමට නියමිතව ඇති බවයි.