අද (10) දින ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇත.
තවත් සිව් දෙනෙකු ඇය සමග දූත පිරිස වශයෙන් ද පැමිණ ඇත.
අදාළ පිරිස අද උදෑසන 09.00ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් පැමිණ තිබුණි.