ඊයේ දිනයේ දී ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය හදිසි බිඳ වැටීමකට ලක් වූ අතර මේ වන විට එයට බලපෑ හේතුව හෙළි වී ඇත.
ඒ අනුව ෆේස්බුක් සමාගම සඳහන් කරන්නේ එම බිඳවැටීමට බලපා ඇති හේතුව වන්නේ එහි රවුටර් පද්ධතියේ වැරදි සහගත ආකෘති වෙනසක් නිසා බවයි.
මෙම බිඳ වැටීම නිසා ෆේස්බුක් සමාගම සතුව ඇති එම සමාජ මාධ්‍යවල කෝටි 350ක් ඉක්ම වූ පරිශීලකයින්ට වෙබ් අඩවි වෙත පිවිසීමට නොහැකි වූ අතර එහි නිර්මාතෘ වන මාර්ක් සකබර්ග් පැය 06කට ආසන්න කාලයක් පැවති මෙම බිඳවැටීම පිළිබඳව පරිශිලකයින්ගෙන් සමාව අයැද ඇත.