ස්වෙච්චා සංවිධාන ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීම පිළිබද පවතින 1980 අංක 31 දරන ස්වෙච්චා සමාජ සේවා සංවිධාන (ලියාපදිංචි කිරීම හා අධීක්ෂණය කිරීම) පනතේ සදහන් විධිවිධාන පනත වර්තමානයට ගැලපෙන ලෙස සංශෝධනය කිරීමට රජය අවධානය යොමු කර තිබේ.
ඒ අනුව ජනාධිපතිතුමා, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන වර්තමානයට ගැලපෙන ලෙස එම පනත සංශෝධනයට පනත් කෙටුම් පත් සකසන ලෙස නීති කෙටුම්පත් සැකසීමට උපදෙස් ලබා දීමට පසු ගිය 09 වැනිදා රැස් වූ අමාත්‍ය මනාලයා තීරණය කර ඇත.