නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ අද වන විට සිව්නෙකෙගුන් යුක්ත පවුලකට දිනකට අවශ්‍ය ආහාර වේල් සපයා ගැනීම සඳහා අවම වශයෙන් රු.2,500ක් වියදම් කිරීමට සිදුවන බවයි.
ඒ බව අනාවරණය වී ඇත්තේ වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිත් සන්ධානය සිදුකළ සමීක්ෂණයකිනි.
අදාළ සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා මේ බව ප්‍රකාශ කර ඇත.
සමාජීය බලපෑම රාවණා ඇසින්.
රටේ මේ වන විට ටිකෙන් ටික පිළිලයක් වගේ පැතිරෙමින් පවතින අපරාධ රැල්ලට මෙය ද හේතුවක් වන බව අප අවබෝධ කර ගත යුතුව ඇත.මක්නිසාද යත් ,කුලී වැඩක් කරමින් දවසේ වේල යාන්තමින් සරි කරගනිමින් අඹු දරුවන් පෝෂණය කරමින් දිවි ගෙවන මෙරට ඇතැම් ජනතාවට මෙම වියදම දරා ගත නොහැකි තත්ත්වයකට පැමිණෙන විට ,තම දරුවන් බිරිඳ කුසගින්නේ තැබීම නොහැකිවන අවස්ථාවක කාගෙන් හෝ සොරාගෙන ඇවිත් ඔවුන්ව පෝෂණය කිරීමට යොමුවිය හැකි බැවිනි.මෙනිසා ඇතැම් අවස්ථාවකදී අහිංසක කෙනෙක් වුවත් අංගුලිමාල කෙනෙක් බවට පත්වන්නේ සමාජයෙන් ලැබෙන පීඩනයත් සමග සේම තම පවුලට දරුවන්ට ඇති ආදරය සහ ඇති අසරණකම නිසාම පුංචි සොරකමක් සිදු කිරීමට යොමුවනවා විය හැක.නමුත් කුමක් පැවසුව ද කුමන හේතුවක් පැවතිය ද එය වැරැද්දක්ම පමණි.
වර්තමානය වන විට ස්ථිර රැකියාවක් නොමැතිව දරුවන් පෝෂණය කිරීමට හැකියාවක් නොමැතිව අසරණව සිටින පවුල් ඕනෑ තරම් මේ සමාජයේ දී දැක ගත හැකි සේම ඉදිරියේ දී තව තවත් එය වර්ධනය විය හැකිය.රජයේ රැකියාවක් සිදු කරන පවුලක වුවත් අද පවතින ආර්ථික තත්ත්වය සමග ගැටීමට එතරම් පහසු නොවනු ඇත.
අපි සාමාන්‍ය ජනතාව වශයෙන් පාලකයන්ගෙන් යළි යළිත් ඉල්ලා සිටින්නේ එදාවේල සොයාගන්න නොහැකිව අන්ත අසරණව කුසගින්නේ සිටින දරුපවුල් වෙනුවෙන් කළ හැකි යමක් වේ නම් එය දෙවරක් නොසිතා සිදුකළ යුතුව පවතින බවයි.මෙය ධනයට බලයට කෑදරකමින් සිටිය යුතු කාලයක් නොවේ.තමන්ගේ රටේ තමන්ගේම ජනතාව ආර්ථික අර්බුදය හමුවේ බැටකන කාලපරිච්ඡේදයක් තුළ විනෝදකාමීව කාලය ගෙවනවා වෙනුවට ඉන් සුළු දෙයක් හෝ මේ අසරණ ජනතාව වෙනුවෙන් වෙන් කිරීමට කටයුතු කළ යුතුව ඇත.
අපද අපට ඇති හැකි පමණින් එවැනි අසරණ පවුලක් පුද්ගලයෙක් වේ නම් අපට හැකි පමණින් යමක් සිදු කිරීමට පුරුදු වෙමු.එතුළින් රටේ අපරාධයන් වළක්වා ගැනීමට හැකියාව ලැබෙනවා සේම සාදාචාරාත්මක සමාජයක් යන්න වචනයකට පමණක් සීමා නොවී ක්‍රියාවෙන්ද එය සනාත කිරීමට හැකියාව ලැබෙණු ඇත.අනෙකාගේ ද දුක දැක සංවේදී වන මානව පරපුරක් වශයෙන් එකිනෙකා පරයා ඉදිරියට යනවා වෙනුවට අනෙකා ද සමග ඔවුන්ව ද ජීවත් කරමින් ඉදිරියට යාමට කටයුතු කරමු.















































