මොණරාගල කොට්ඨාස අපරාධ විමර්ශණ අංශයේ නිලධාරින් පිරිසක් විසින් බුත්තල කරවිලකනත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නිවසක් තුල නිදන් සොයා කැනීම් කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවට වාර්තා විය.
මෙම පුද්ගලයා විසින් ඉදිකරමින් පවතින නිවසේ කාමරයක ඉතා සූක්ෂම ලෙස කැනීම් සිදු කරගෙන ගොස් ඇති බවට අනාවරණය වන අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී තම සීයා හීනෙන් පැමිණ මෙම ස්ථානයේ මැණික් මුට්ටියක් ඇති බවත් එය ලබා ගෙන දියුණු වන ලෙසත් පැවසූ බැවින් තමන් එම නිධානය සොයමින් කැනීම් කල බව පොලිසියට වාර්තා කර තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 43ක අයෙක් වන අතර සැකකරු කැනීම් සදහා යොදා ගත් උපකරණ හා පූජා භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
















































