සුනාමි ව්‍යවසනය සිදුව අදට වසර 17ක් සම්පූර්ණ වෙයි.
ඒ අනුව අද (26) දිනයේ සුනාමි ව්‍යවසනයෙන් සහ විවිධ ආපදාවන්ගෙන් මියගිය පුද්ගලයන් සිහිපත් කිරීම උදෙසා ජාතික සුරක්ෂිත දිනය දිවයින පුරා දිස්ත්‍රික්ක මට්ටමින් පැවැත්වීමට සැලසුම් කර ඇත.
රට තුළ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජාතික සුරක්ෂිත දිනය සීමිත සහභාගීත්වයකින් පැවැත්වීමට සැලසුම්කර ඇති බවයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.
2004 වර්ෂයේ දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යවසනයෙන් 35,000කට ආසන්න පිරිසක් මියගිය අතර තවත් 5,000ක් පමණ අතුරුදන් විය.
එමෙන් ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 34ක පවුල් 235,145ක පුද්ගලයන් 5,002,456ක් මෙම සුනාමි ව්‍යවසනයෙන් බලපෑමට ලක් වූ අතර එතුළින් සිදුවූ සමාජ, ආර්ථික,සංස්කෘතික සහ පාරිරික හානිය මෙතරම් යැයි කිව නොහැක.
කෙසේ නමුත් 2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින ජාතික සුරක්ෂිත දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර සුනාමි ව්‍යවසනයෙන් අහිමි වූ ජීවිත සිහිපත් කරමින් විනාඩි 02ක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබයි.
ඒ අනුව අද (26) දිනයේ දී ද පෙරවරු. 09.25 සිට පෙරවරු 09.27 දක්වා විනාඩි 02 කාලයක් නිශ්ශබ්දතාවය රැස්කිරීම සිදුකෙරිනි.