සෞඛ්‍ය අංශයේ සියලුම සේවකයින් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට තීරණයක් ගෙන ඇත.
ඊයේ (19) පස්වරුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක් ජෙනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර පැවති සාකච්ඡාවේදී මෙය තීරණය කර ඇත.
මෙම වසංගතය හමුවේ සෞඛ්‍ය අංශයේ සේවකයින් අවදානමට ලක්ව ඇති බව ද එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත.
එම අවදානම යම් ප්‍රමාණයකින් හෝ අවම කිරීමට ඔවුන්ට තෙවන එන්නත් මාත්‍රාවක් ලබා දීමට අවධානය යොමු කරන මෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.
ඒ අනුව දෙවන එන්නත ලබාදී මාස පහක කාලයකට පසු තෙවැනි එන්නත ලබා දීමට එකඟ විය.