“එක්ව නැගිටිමු ” යන තේමාව මුල් කරගනිමින් පොදුජන පෙරමුණ සංවිධානය කරනු ලබන ජන හමු මාලාවේ දෙවන අදියර හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) නාවලපිටිය නගරයේදී පැවැත්වුණි.
මේ අතර ජීවන වියදම ඉහළ යෑම ඇතුලු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් පිරිසක් නාවලපිටිය නගර මධ්‍යයේ අද (16) දින උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එහි සමගිජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සංජීව මහතාද පිරිස අතර සිට ඇත.
කෙසේ නමුත් ශබ්ධ විකාශන යන්ත්‍ර භාවිතා කරමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක් කිරීමට අවසර ලබා ගෙන නොමැති බැවින් එය නවත්වන ලෙස පොලීසිය අණ කළ සිටියද , පොලිස් අණ නොතකා උද්ඝෝෂකයින් කටයුතු කිරීම හේතුවෙන් සසංක සම්පත් සංජීව ඇතුළු පිරිසක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පිරිස නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නාවලපිටිය පොලීසිය පවසා ඇත.















































