අප අද උදෑසන “සුදේව, රංගන ඇතුළු 20 ක් ස්වර්ණවාහිනියෙන් එළියට. මූල්‍යමය චෝදනාත් ඒ අතර- කිංස්ලි රට හැර යයි”, ලෙස පුවතක් පලකරන ලදී. එම පුවතට ප්‍රතිචාර දක්වමින් ජනප්‍රිය මාධ්‍යවේදියෙකු මෙන්ම හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂක වූ ජේෂ්ඨ මාධ්‍යවේදී සුදේව හෙට්ටි ආරච්චි මහතා අපට කතා කර එම පුවතට ප්‍රතිචාර දක්වන ලදී.
ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය ක්‍රමය ඇතිකර තිබෙන්නේ ව්‍යාපාරික වුමනාවන් මත ජනමාධ්‍ය ආයතන පිහිටුවා තිබෙන ව්‍යාපාරිකයන් නිසාය. ආයතන හිමිකරුවන් මාධ්‍යවේදීන් මෙහෙයවන්නේ ඔවුන්ට අවශ්‍ය දේශපාලන පක්ෂ සහ පුද්ගලයන් ඉදිරියට ගැනීමේ අරමුනින් විනා සැබෑ මාධ්‍යවේදය උදෙසා නොවේ. එසේම මාධ්‍ය ආයතනවලින් ජනමාධ්‍යවේදීන්ට ගෙවීම් කරන්නේද ඉතාම අඩුවෙන් වන අතර ලංකාවේ අනෙකුත් ආයතන මෙන්ම ප්‍රජාවන් සේම ජනමාධ්‍ය ක්ෂේත්‍රයද බිද වැටි තිබේ. එයට හේතුව සුදේව හෙට්ටිආරච්චි හෝ අනෙකුත් මාධ්‍යවේදීන්ගේ නොව රට ඉදිරියට ගැනීම සදහා අවශ්‍ය වන ජාතික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව තුල නොමැතිවීමයි. ඒ හේතුවෙන් සුදේව, රංගන මෙන්ම කිංස්ලිද පොහොට්ටු දේශපාලනයේ මාධ්‍ය බළල් අතක ගැටයට හසු වුවා විය හැකිය. ආයතන දෙකක සිටි ප්‍රධානතම මාද්‍යවේදීන් දෙදෙනෙකු ජනාධිපති මාධ්‍ය ඒකකයට තෝරාගැනීමට යටින් ගෙන ගිය කුමන්ත්‍රණය කුමක්දැයි දන්නේ එකල සිටි දේශපාලන බලවතුන්ම පමණි. කෙසේ නමුත් සුදේවට හෝ රංගනට නීතියට අනුව පිළිගත හැකි කිසිදු චෝදනාවක් මේ වන තෙක් එල්ල වී නැත.
අප උදෑසන පලකල පුවත තුල කිසිම ස්ථානයක රංගන හෝ සුදේව පිලිබඳව කිසිම චෝදනාත්මක සටහනක් තබා නැත. අප වාර්තා කර තිබෙන්නේ එහි අභ්‍යන්තර ගැටළු පමණි. එසේම ඔවුන් දෙදෙනාම ප්‍රසිද්ධ දෙදෙනෙකි. සුදේව අප සමග පවසා සිටියේ, ඔහු ඉතාම වැදගත් අකාරයෙන් අස් වීමේ ලිපියක් ලබා දී ඉවත් වූ බවත්, රංගන තවමත් එම ස්ථානයේ වැඩකටයුතු කරන බවය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාම අපගේ මාධ්‍ය හිතවතුන්ය. ඔවුන්ට සිදුවන ඕනෑම අකටයුත්තකි අපද ඔවුන් වෙනුවෙන් පෙනී සිටින අතර තමන් වැඩකරන ආයතනවලින් ඉවත්වීම, නැවත වෙනත් ආයතනයක රස්සාවකට යාම සාමාන්‍ය දෙයකි. එබැවින් එම පුවතින් කිසිදු ආකාරයක චෝදනාවක් එල්ල කර නැති අතර සමාජ මාධ්‍ය පවසන ආකාරයට රංගනට හෝ සුදේවට කිසිදු චෝදනාවක් ඉදිරිපත්කර නැත. ආයතනයක් ව්‍යුහගත කිරීම සාමාන්‍ය දෙයකි. සුදේව ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී තිබෙන අතර රංගන තවමත් ස්වර්ණවාහිනියේ වැඩකරමින් සිටී.













































