එක්සත් ජාතික පක්ෂ නායක, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට රටේ පවත්නා ආර්ථික අර්බුදයට පිළියම් සොයමින් ජනතාවට යම් හෝ සහනයක් සැලසීමට කටයුතු කරනවා සේම ඊට මුවාවෙන් සිය පක්ෂය නගා සිටුවීමේ කටයුතු ද සිදු කරනු ලබන බව life traveler යූ ටියුබ් නාලිකාව කියයි.
ඔවුන් වාර්තා කරන්නේ ඉතා විශ්වසනීය ආරංචි මාර්ග තුළින් ලද තොරතුරු මත බව සඳහන් කරයි .
කෙසේ නමුත් ජනතාවට යම් යම් සහන සැලසීමක් සිදු කිරීමට මේ වන විට ජනපති සමත්ව ඇති බව සැබෑවක් වුවත් ඔහු ඒ මුවාවෙන් සිය පක්ෂප්‍රවර්ධන කටයුතු ද සිදු කරමින් පවතින බව ද තොරතුරු ඉදිරිපත් කරන මාධ්‍ය වේදී ධනන්ජය නාරන් බැද්ද මහතා සදහන් කරයි.
ඒ සඳහා මේ වන විට සියලු දෙනා දන්නා කදිම උදාහරණයක් වශයෙන් ඔහු පෙන්වා දෙන්නේ නොබෝ දිනකින් වැළිකඩ සිර මැදුරෙන් නිදහස ලැබීමට නියමිත රන්ජන් රාමනායක මහතාගේ නිදහස උපයෝගී කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇති පක්ෂ ප්‍රචාරණයයි.
සියල්ලන් දන්නා කරුණ වන්නේ රන්ජන් රාමනායක මහතා ඇත්ත කතා කිරීමට ගොස් මෙසේ අත්වලට විලංඟූ දාගත්තාය යන්නයි. එනිසාම ඔහුගේ බොහෝ ප්‍රකාශයන්ට ඔහු කරන ලද හෙළිදරව්වලට ජනතාව මහත් සේ ඇලුම් කරන ලදී. එසේම ඔහුගේ කාමුකත්වය පිලිබදව හඩපටද සමාජ ගත විය.
එක්ෂත් ජාතික පක්ෂය වාසියක් කොට සලකමින් ඔහු බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණෙන මොහොතේ සිට ඔහුව දිවයින පුරා රථ පෙරහැරක් තුළින් රැගෙන යමින් දේශපාලන වේදිකා මත රඳවමින් සිය පක්ෂ ප්‍රවර්ධන කටයුතු සිදු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය විසින් කරන ලද සැලසුමක් සම්බන්ධ තොරතුරු මෙසේ වාර්තා වී ඇත.
දින 10ක් පුරාවට රන්ජන් රාමනායක මහතා රථ පෙරහැරකින් දිවයින පුරා රැගෙන යමින් ප්‍රචාරණයක් සිදු කර ගැනීම ඔවුන්ගේ සැලසුමේ ප්‍රධාන කොටස්‌ව ඇති බව ද් ඔහු සදහන් කරයි.
මෙහි නායකත්වය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් දරන අතර වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ද උපදෙස් මත මෙය ක්‍රියාත්මක වන බව සඳහන් කරයි.
මෙහි ඇති වඩාත් වැදගත් තවත් කරුණක් වන්නේ මේ වන විටත් ඔහු වෙනුවෙන් තේමා ගීතයක් ද රචනා වී තිබීමයි.
රන්ජන් රාමනායක පිළිගන්නා මුවාවෙන් මේ සිදු කිරීමට නියමිත වැඩ පිලිවෙළ සම්බන්ධයෙන් ඔහු දැනුවත් ද? නොදැනුවත් ද? යන්න තවමත් ප්‍රහේළිකාවක් වන අතර ජනතාව ඔහුගේ අවංකත්වයට ලබා දුන් ආදරය ගෞරවය ඔහු තව දුරටත් පලුදු නොකරගෙන රඳවා තබා ගැනීමට කටයුතු කරන්නේ යැයි අප බලාපොරොත්තු වන්නෙමු.
රටේ ප්‍රශ්න දහසකුත් මැද මෙවැනි නිෂ්ඵල ක්‍රියාවන් සඳහා වියදම් කිරීමට මුදල් ඇත්නම් එයින් මේ දුක්විඳින ජනතාවට සෙතක් සිදු කරනවා මිස මෙවැනි ක්‍රියාවලට යෙදවීම කෙතරම් හාස්‍යජනකද.
රට වැටී ඇති ආගාදයෙන් ගොඩ ගැනීමට අවධානය යොමු කළ යුතු කාල පරිච්ඡේදයක් තුළ සිය බලය ස්ථාවර කර ගැනීමට හෝ සිය පක්ෂය නගා සිටුවීමට කටයුතු කිරීම ද එතරම් යහපත් ක්‍රියාවක් ලෙස ජනතාව නොදකිනු ඇති බවට අපට විශ්වාසය.