ක්ෂුද්‍ර ජීවි විශේෂඥ වෛද්‍ය සමන්මලී ගුණසේකර මහත්මිය සඳහන් කළේ ,ෆයිසර් එන්නත ලබාදුන් පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට කිසිදු සංකූලතාවයක් හෝ ආසාත්මිකතාවයක් මේ වන තෙක් වාර්තා වී නොමැති බවයි.
පසුගිය 04 වැනිදා සිට පිළිකා රෝගයන්ගෙන් පෙළෙන වයස අවුරුදු 12 – 19ත් අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත ලබා දීම ආරම්භ කර ඇති අතර මේ වන විට ළමුන් 60කට පමණ එන්නත ලබා දී ඇති බවයි ඇය සඳහන් කරන්නේ.
විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ ඉතා සාර්ථක ලෙස පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය ඇතිව මෙලෙස එන්නත් ලබාදීම සිදුවන බැවින් දෙමාපියන් කිසි ලෙසකට ඒ පිළිබඳව බියවිය යුතු නැති බවයි.
සතියේ දිනවල පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා කාලය අපේක්ෂා රෝහලේදී මෙම ෆයිසර් එන්නත් ලබා දීම සිදුවන අතර කිසිම තදබදයකින් තොරව පැමිණ එන්නත් ලබා ගත හැකි බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ.
ඇය මේ පිළිබඳව සඳහන් කර ඇත්තේ අද(10) මහරගම අපේක්ෂා රෝහලේ එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගති සමාලෝචනය කරමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.