මුද්‍රණ ආයතනයක මුවාවෙන් ව්‍යාජ ලෙස අංක තහඩු සැකසූ පුද්ගලයෙක් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සීදුව ප්‍රදේශයේ මෙම මුද්‍රණ ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය 17 වනදා මෙම වැටළීම විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් විසින් සිදුකර තිබේ.
ඒ අනුව ඩිජිටල් ප්‍රින්ටින් ආයතනයක් වශයෙන් පවත්වාගෙන ගිය මෙම ආයතනයේ තිබී, අපරාධ සඳහා යොදාගන්නා බවට සැක කළ හැකි නීත්‍යානුකූල ලියවිල්ලක් හෝ බලපත්‍රයක් නොමැතිව මෝටර්රථ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන වාහන අංක තහඩුවලට සමාන පෙනුමින් යුතු මුදලට විකිණීම සඳහා සකස් කරන ලද මෙම ව්‍යාජ අංක තහඩු සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 11හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අතඅඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 57ක් වන අතර ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කළ අංක තහඩු 19ක්, පරිගණක යන්ත්‍රයක් සහ ව්‍යාජ අංක තහඩු සෑදීමට යොදාගන්නා හිස් අංක තහඩු , රාජ්‍ය ලාංඡන සහිත ස්ටිකර් යන භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන ඇත.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු සහ අත්අඩංගුවට ගත් භාණ්ඩ සීදුව පොලිසිය වෙත භාර දී ඇත.













































