අක්ෂි රෝහලේ සැත්කම්වලින් පසුව රෝගීන් කිහිප දෙනෙකුට ඇති වූ සංකූලතා හේතුකොටගෙන අක්ෂි රෝහලේ සැත්කම් කටයුතු තාවකාලිකව නතර කෙරුණි.
එසේ සංකූලතා ඇති වීමට හේතු වූ ඖෂධය මේ වන විට භාවිතයෙන් ඉවත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව සදහන්.
ඒ අනුව , තාවකාලිකව නතර කෙරුණු ජාතික අක්ෂි රෝහලේ සැත්කම් කටයුතු හෙට (24) සිට යළි ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කරයි.














































