නව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ අනුරාධපුර පූජා නගරයේ ආගමික උත්සවයකට සහභාගි වූ අතර ඉන් අනතුරුව මිහින්තලා පුදබිමට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් අතර එහිදී අනුශාසන කතාව සිදු කල පූජ්‍ය වලවා හැංඟුණ වැවේ ධම්මරතන හිමි “ ඔබතුමාත් දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුවේ හිටියත් කල දෙක් නෑ” ආදී ලෙස අගමැතිවරයාගේ මූණටම ප්‍රකාශකරමින් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලට නැවත චන්දය නොදෙන බවද ප්‍රකාශ කරන ලදී.
ඊයේ දෙරණ රුපවාහිනියේ 6.55 පුවත් විකාශය මගින් එම පුවත පලකල අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන් වහන්සේ “ ට්‍රිලියන 23, 24ක් අපේ රට නයයි. වග කියන්න ඕනි රට කරපු ඇත්තෝ තමයි. ඔබතුමන්ලා ඇතුළු ඔක්කොම. ඔක්කොටම අත ඉස්සුවා. අත්සන් කළා. දැන් පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා. මේ වෙලාවේ පක්ෂය නෙවෙයි ප්‍රතිසංවිධානය කරන්න ද ඕනි අගමැතිතුමා. රටේ ජනතාවගේ සුභ සිද්ධියනේ කරන්න ඕනි. තත්තලා පුතාල, පුතාල තාත්තලා, හිටපු නායක නායිකාවන්ගේ දරුවෝ තමයි දැන් රට පාලනය කරන්නේ. ඊ ලගට රට පාලනය කරන්න ජනාධිපතිකම ගන්න ලැස්ති කරලා තියෙන්නේ . ඉතින් එහෙම ගන්න පුලුවන්ද. දෙනවද අපි එහෙම. ජනාධිපතිතුමා කිවනේ ක්‍රිකට් ටීම් එක හොඳයි කියල. ක්‍රිකට් ටීම් එක හොඳ උනේ ඒ කට්ටිය එක්කාසු වෙලා බැටින්, ෆිල්ඩින් ඔක්කොම කලානේ හොඳට. සමගිය බලය වේ. ඒ ගොල්ලෝ එක්ෂත් උනා. ඒත් පාර්ලිමේතුවේ 225 ස් දෙනාට එක්ෂත් වෙන්න බෑ. මේ කපේට එක්ෂත් වෙන්නේ නෑ. පූජානගරය ගත්තොත් එහෙම හැම තැනම පතෝල මැහි වගේ .සුවද හමන නගරයක් වෙන්න එපයි. මේ පාරවල් ටිකවත් හදල නෑනේ හරියට. ඔබතුමන්ලා එහෙමත් ඉන්නවා. හරියට වැඩක් කෙරිලා නෑ. සෙහාන් සේමසින්හ පරපුරක් ඉන්නව. සීයා, තාත්තා, ඔයා. හොයලා බලලා වැඩ කරලා නෑ. අපේ දෙවෙනි බුදු හමුදුරුරුවොනේ මිහිදු හාමුදුරුවෝ. මේ දහම සංස්කෘතිය , ඇති කරළ මිත්‍යාව නැති කරපු කාලයක් එක්ක අපි ගියානේ. කාලි, මහකාලි, සමන් කාලි මේ ඔක්කොමලත් එක්ක ගියානේ. බැරි උනානේ වැඩක් ගන්න. යන්න එපා ඔය දේවාල පස්සේ”. ආදී ලෙස දීර්ඝ වශයෙන් ප්‍රකාශයක් සිදුකරන ලදී.
එහිදී මහනුවර ශ්‍රී දළදා මාළිගාව ගැනද උන් වහන්සේ අදහස් දක්වමින් “ නිලමේතුමාත් ඔය මාලිගාවේ උතුම් දළදා වහන්සේ බාරව ඉන්නේ . හැබැයි මනුස්සය කාලි පස්සේ යනවා. අපි ඊ ලඟ ගමන නම් චන්දෙ දෙන්නේ නෑ එයාට . මේ දළදා හාමුදුරුවෝ , සමස්ත රට, ලෝකය පිළිගන්න, ගෞරව කරන තැනක්නේ ඔයිටත් වඩා අපිට වස්තුවක් තියෙනවද.” ලෙස සදහන් කරමින් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ගැන පවා සඳහන් කරන ලදී. සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න