කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට පුද්ගලයන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ඊයේ (09) රාත්‍රියේ අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට කොල්ලුපිටිය පොලිසිය භාරයේ රඳවා ඇති බවයි.
අදාළ සැකකරුවන් ගල්කිස්ස, ගාල්ල හා ජාඇල ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ.














































