ඊයේ (09) සිදූ වු අරගලයේදී රාත්‍රියේ මාධ්‍යවේදීන්ට පහරදී ජනතාව කුපිත කරවා, ජනතාව එම ස්ථානයට පැමිණෙනවාත් සමගම ආරක්ෂක අංශ පැන යාම සැක සහිත බව අප ඊයේ රාත්‍රියේම වාර්තා කරන ලදී.
එසේම එම නිවසේ බවට සැකකළ හැකි වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙමින් තිබේ. එහි දැක්වෙන්නේ ගිනි තැබීමට පෙර එහි තිබෙන පොත් පත් ඉවත් කරන ආරක්ෂක අංශ සාමාජිකයන්ය.
ඒ අනුව මෙම වීඩියෝව කුමක්ද යන්න පිළිතුරු දිය යුත්තේ ආරක්ෂක අංශයි. මෙම වීඩියෝවේ පොත් ඉවත් කිරීම,, විශේෂ කාර්‍ය බලකාය පැන දිවීම, සහ නිවස ගිනි ගැනීම යන පියවර තුන අප විසින් සකසා තිබේ.















































