මෑත කාලීනව රට පාලනය කරනු ලබන පාලකයන්ට ප්‍රසිද්ධියේ මුහුණටම බැන වදිමින් රටේ පාලනය පිළිබඳව පවතින පිළිකුළ ප්‍රසිද්ධියේ කියාපාන ප්‍රසිද්ධ චරිතයක් බවට මේ වන විට මිහින්තලා රාජමහා විහාරාධිපති වලවාහැංගුනවැවේ ධම්මරතන හිමි පත්ව ඇත.
උන්වහන්සේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග සමාජ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දෙන ලද්දේ මේ රටේ එතෙක් මෙතෙක් බිහිව ඇති පාලකයන්ගේ දූෂිත ක්‍රියා කලාපය පිළිබඳවයි.
ස්වාමීන් වහන්සේ සෘජුවම මෙහි දී රාජපක්ෂ පවුල වෙත ඇගිල්ල දිගු කරමින් ඔවුන් මේ වන තෙක් සිදුකර ඇති දූෂිත පාලනය සහ රට අගාදයට ඇද දමා ඇති අයුරු පිළිබඳව හෙළිදරව් කරන ලදී.
රටේ සියලු සම්පත් විකුණා කමින් සුරසැප විඳි ඔවුන් එහි රස තව තවත් දන්නා බැවින් තවත් බැරි බැරි ගානේ බඩගාන්නේ මෙම රටේ ඉතිරිව ඇති තත්ත්වය ද විනාශ කර දැමීමට ය.
එවැනි දූෂිත පාලකයන් පිරිසකට යළින් සිය මනාපය ලබා දී පාලකයන් බවට පත් කිරීමට උත්සහ දරන්නේ නම් ඔවුන් හරක්ටත් වඩා අන්ත හරක් බව උන්වහන්සේ සඳහන් කිරීම සර්ව සාධාරණය.
මෙම දූෂිත පාලකයන් සුර සැප විඳිමින් රටේ ජනතාවගේ හුස්ම පොදට පවා ලංසු තබමින් දිවි ගෙවද්දී ඔවුන්ට මනාපය ලබා දී එම තත්ත්වයට පත්කළ ජනතාව මන්දපෝෂණයෙන් පීඩා විඳිනු ලබයි.රටේ ජනතාව තුළ නොමැති ජාතිවාදී ගැටලු මවා පාමින් මෙවැනි පාලකයන්ට බලය ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේලා ද වගකිව යුතුව ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති හිමියන් මෙහි දී වැඩිදුරටත් පෙන්වා දී ඇත.
ජනතාව වෙනුවෙන් අරක කරනවා මේක කරනවා කියමින් පැමිණි කිසිවෙක් ජනතාව වෙනුවෙන් කිසිවක් සිදු කළේ නැත.ඔවුන් සිදු කළේ ඔවුන්ගේ මල්ල තර කර ගැනීම ම පමණකි.
ශ්‍රී ලංකාවට අද මෙවන් ඉරණමක් අත්ව ඇත්තේ එවැනි දූෂිත දුර්ජන පාලකයන්ගේ ක්‍රියාපිළිවෙතට පින්සිද්ධ වන්නට ය.
මෙතෙක් කාලයක් රට කෑවා මදිවාදෝ තවත් වේදිකා උඩ බඩගාමින් අහිංසක ජනතාවට බොරු අපේක්ෂා ලබා දෙමින් බලය යදිමින් රට පුරා සංචාරය කරනු ලබන පිරිස් ද තවමත් මෙරට තුළින් කළඑළි බසිමින් සිටියි.














































