ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය අගෝස්තු මස ඩොලර් මිලියන 325ක් ලෙස දැක්වූ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ සැප්තැම්බර් මස ඩොලර් මිලියන 359.3ක් වශයෙන් ඉහළ ගොස් ඇති බවයි.
එමෙන්ම විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් ද මෙම වසරේ ජනවාරි මස සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ඩොලර් මිලියන 2,574.1ක් ලෙස වාර්තා වී ඇත.
















































