බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ හඳුනා ගන්නා ලද අත්‍යවශ්‍ය සේවා ක්ෂේත්‍රයන් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට අපේක්ෂා කරන බවයි.
අද (23) QR ක්‍රමවේදය පිළිබඳව පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී මේ පිළිබඳව අවධානය යොමු කර ඇති අතර අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් මෙසේ ඉන්ධන කෝටාව වැඩි කිරීමට නියමිතව ඇත.
මෙහිදී නිරීක්ෂණය වී ඇති තවත් කරුණක් වන්නේ පසුගිය සති 03ක කාලයේ දත්ත සංසන්දනය කිරීමේ රථවාහන ලියාපදිංචිය සහ ඉන්ධන ලබාගත් සංඛ්‍යාව වැඩි වී තිබුණත් ඉන්ධන භාවිතයේ යම් අඩුවක් පෙන්නුම් කරන බවයි.
එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසර පල ද සැප්තැම්බර් මස පළමු සතියේ හඳුන්වාදීමට නියමිත බවයි.
මේ අතර QR ක්‍රමවේදය තුළින් ලබාදීමට අපේක්ෂා කරන වැඩිදියුණු කිරීම් කඩිනමින් කිරීමට ද මෙහි දී අවධානය යොමු කර ඇත.














































