සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ස්ථාන ස්වල්පයක පස්වරු 02.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බව වාර්තා වේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.














































