කොලොන්නාව ප්‍රදේශයේ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට ජලය බෙදා හරින නල මාර්ගයක බිද වැටීමක් හේතුවෙන් කොළඹ 01 , 02, 03 , 04 , 07,08 , 09 , 10 , 11 යන ප්‍රදේශවලට අද (09) දහවල් 12 ජල සැපයුම අඩු පීඩනයක් යටතේ සැපයීමට සිදු වන බව ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම නල මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති බවත් කඩිනමින් ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සදහා කටයුතු කරන බවත් ජාතික ජලසම්පාදන සහ ජලපවාහන මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.
 
	    	



























 
		    

















