අද (29) මධ්‍යම රාත්‍රීයේ සිට අතිකාල සේවාවලින් ඉවත්වීමට කටයුතු කරන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බවයි එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ.
දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට ඊයේ (28) රැස් වූ කැබිනට් මණ්ඩලය් දී අනුමැතිය හිමි වී තිබේ.













































