ලංකා මණ්ඩලය සඳහන් කරන්නේ අද (11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලිය විසන්ධි වීමක් සිදු නොකරන බවයි.
කෙසේ නමුත් ඉදිරියේ දී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා වන කාලසටහන ඊයේ (10) දිනයේ දී ලංකා විදුලිබල මණ්ඩලය විසින් ප්‍රකාශයට පත්කරන ලදී.
අදාළ කාලසටහනට අනුව දිවයිනේ ප්‍රදේශ ඒ,බී,සී,ඩී වශයෙන් කලාප හතරකට බෙදා තිබෙන අතර ප.ව.5.30 සිට රාත්‍රී 9.30 තෙක් කාලය තුළ දී පැය බැගින් එම ප්‍රදේශයන්හි විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.
මෙම කප්පාදුව සඳුදා සිට සෙනසුරාදා දින දක්වා සිදු කිරීමට සූදානම් කර ඇති නමුත් ඉරිදා දිනය එම කාලසටහනට ඇතුළත් කර නැත.
විදුලි ඉල්ලුම කළමනාකරණය සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක්‍රියාත්මක කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.