අද (05) බස් ගාස්තු ඉහළ නැංවීම ක්‍රියාත්මක වේ.
නව බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලදී.
ඒ අනුව රු.14.00කට පැවති අවම බස් ගාස්තුව අද සිට රු.17.00 ලෙස සංශෝධනය වනු ලබයි.
මේ අනුව බස් ගාස්තු 17.44% කින් ඉහළ යන බව සඳහන් වේ.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සහ මගී සේවා අවසර පත් යටතේ ධාවනය වවනු ලබන පෞද්ගලික බස් රථ සඳහා ක්‍රියාත්මක විය යුතු සාමාන්‍ය සේවා ගාස්තු ලැයිස්තුව පහතින්,
















































