දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සැපයීම අද (18) සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි . ඒ, දින 12ක් පුරා මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගය ඊයේ (17) පස්වරුවේ සිට ගොඩ බෑමත් සමගයි.
ගෑස් අර්බුදය වඩාත් උත්සන්න කරමින් ඊයේ වනවිට බොහෝ ප්‍රදේශවල ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබුණා. ගෑස් නොමැති වීම හේතුවෙන් මහල් නිවාසවල ජනතාව මෙන්ම විවිධ කර්මාන්තවලටද එල්ලවී තිබුණේ දැඩි බලපෑමක්.
දින 12 ක් තිස්සේ මෙම නෞකාව සහ තවත් නෞකාවක් කොළඹ වරාය ආසන්න මුහුදේ නැංගුරම්ලා තිබුණි. කෙසේවෙතත් මෙම නෞකා දෙකට රුපියල් කෝටි 12කට ආසන්න ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව ඇති බව ද වාර්තා වේ.
කිලෝග්‍රැම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දෛනික අවශ්‍යතාව 80,000ක්. එය සම්පූර්ණ කිරීමට ගෑස් මෙට්ට්‍රික් ටොන් 1,100ක් අවශ්‍යයි. ඒ අනුව ඊයේ පස්වරුවේ සිට ගොඩබෑ නෞකාවේ ඇති ගෑස් ප්‍රමාණවත් වන්නේ දින 03කටයි.














































