බස්නාහිර පළාත් ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු දේශපාලන වුමනාවන් කිහිපයක් ඉටු කිරීමට හෝ පොලිස්පති සිහිනය ඉටුකරගැනීමට ගොස් ඇති කල ජනතා ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිපල ලෙස දසක කිහිපයකට පසුව සිදු වූ දැවැන්තම හානිය සිදු වුයේ ඊයේය.
ඊයේ එම සිද්ධිය සිදුවීමට පෙර කොළඹ මධ්‍යම ප්‍රදේශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයා මෙන්ම පොලිස්පතිවරයාද එය පාලනය කිරීමට කටයුතු කිරීමේදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයාට බොරු ප්‍රකාශයක් ද කර තිබෙන බව වාර්තා වේ.
එම සිද්දිය සිදුවන විට පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තගේ නම පවා කියවී තිබෙන අතර වරදක් සිදු වුවහොත් එය තමන් බාරගන්නා බව තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයාට පොරොන්දු වූ බවද වාර්තා වේ.
මේ සිද්දීන් මත මේ වන විට ලංකාව පුරාම විවිද ස්ථානවල අදත් විවිද මට්ටමේ උද්ඝෝෂණ පැවැත්වීමට කටයුතු සිදුවෙමින් පවතින බවද වාර්තා වේ. නමුත් ප්‍රබල අන්දමේ උද්ඝෝෂණ පැවැත්වෙන බවක් වාර්තා නොවේ.
















































