නයිජීරියාවේ Abuja ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටීම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් අතුරුදහන්ව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ගොඩනැගිල්ල කඩා වැටීමෙන් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
අධික වර්ෂාපතනය හේතුවෙන් අදාළ ගොඩනැගිල්ල කඩා වැටීමට ලක්ව ඇති බව සදහන්.
කෙසේ වෙතත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.















































