ජේෂ්ඨ මාද්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුව ඔහුගේ ජීවිතාරක්ෂාව පිළිබඳව ගැටළු ඇතිවීම නිසා පසුගියදා ආරක්ෂාව පතා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු දක්වන ලදී. පසුව ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙස සාක්ෂිකරුවන් සහ වින්ධිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කරන ලදී.එය ශ්‍රී ලංකා පොලිසියේම එක් කොටසක් වන අතර පොලිස්පතිතුමා යටතේම ක්‍රියාත්මක වන අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු පාලනය කරන පොලිස් කොඨිඨාශයකි.
කෙසේ වුවත් මේ වන තෙක්ම ඔහුට අවශ්‍ය ආරක්ෂාව සපයා නැතිබව වාර්තා වේ. කරුණු කෙසේ වුවත් සිකුරාදා දහවල් ලබා දුන් මෙම නියෝගය එදින හවස අදාළ අංශයන් වලට බාර දුන්නේ වුවද, සමහර විට සති අන්තය නිසා ඔවුන් නොසිටියාද විය හැකිය. එසේම ආරක්ෂක විධි විධාන සැලසීම සදහා යම් විධිමත් ක්‍රමයක් සලසනවාද විය හැකිය. එසේම ඒ සදහා වාහන මෙන්ම නිලධාරීන්ද වෙනමම ලබා ගත යුතුය. විවේචනයට වඩා සුභවාදී ලෙස අප එදෙස බැලිය යුතු අතර හෙට වන විට වත් එය සිදු වනු ඇතැයි අප විශ්වාස කරමු.
එහෙත් යම් කණ්ඩායමක් නැවත යම් කටයුත්තක් සිදු කලහොත් වග කිව යුත්තේ අදාල අංශ ප්‍රධානීන් වන අතර රාජ්‍ය නිලදාරීන් ලෙස ඔවුන් නොසිතූ ගැටලුවකට මුහුණ දී ඔවුන්ටද චෝදනා එල්ල විය හැකිය. එබැවින් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොවී තිබීම තුල අහිංසක පොලිස් නිලදාරීන් කිහිප දෙනෙකු අමාරුවේ වැටීමට ඉඩකඩ තිබෙන බව ද එය බැරෑරුම් ගැටළුවක් බවද අදාළ අංශ වල අවධානයට යොමු විය යුතුව තිබේ.
කුමන කටයුත්තක් වුවද, වෙනත් වෙනත් ප්‍රශ්න හේතුවෙන් අහිංසක රාජ්‍ය නිලදාරීන් හෝ පොලිස් නිලදාරීන් ගැටළු වලට මැදිවනවා දැකීම සහ විවිධ පාර්ශව වලට ඇඟිල්ල දිගුවනවා දැකීමද, මාධ්‍ය ආයතනයක් ලෙස අපද බලාපොරොත්තු නොවන අතර රජයට හෝ ඇඟිල්ල දිගු කිරීම ද අප අනුමත නොකරයි. එබැවින් අදාල අංශයන් ක්‍රියාත්මක වී මේ සිද්ධිය තවත් රට පටලවන සිද්ධියක් දක්වා ගෙන යාම නැවැත්විය යුතු බව අපගේ අදහස වේ.













































