මේ දින වල පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ රථ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර් 60 සීමාවේ රිය ධාවනය කරන ලෙසත් , වාහන අතර පරතරය තබාගෙන ගමනාන්තය දක්වා රිය ධාවනය කරන ලෙසත් , අදුරු ආලෝකය පවතින ස්ථානවලදී වාහනවල ඉදිරිපස හා පිටුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙසත් අධිවේගී මාර්ග රථ වාහන පොලිස් කොට්ඨාසය විසින් රියදුරන් හට දන්වා සිටින බව වාර්තා වේ.