පසුගිය අට වනදා රාත්‍රියේ අනියම් ඇසුරක් පිළිබදව වූ සැකයක් හේතු කොට ගෙන අඹකදවිල ප්‍රදේශයේ පදිංචි දෙදරු මවකට තවත් කාන්තාවන් තිදෙනෙකු විසින් පහර දී රැගෙන ආ කතුරකින් ඇගේ කොණ්ඩය කපා දමා රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.
පහර කෑමට ලක් වූ කාන්තාව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය මේ වන විට හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම කාන්තාවගේ සැමියා සහ පහර කෑමට ලක් වූ කාන්තාව අතර අනියම් සබධතාවයක් පවත්වන බවට ඇති වූ සැකයක් හේතුවෙන් මෙලෙස පහර දී ඇති බව කියයි.
පහර කෑමට ලක් වූ කාන්තාව හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති අතර මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන තවත් සැකකාරියන් දෙදෙනෙක් සොයා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව සදහන් කරයි . එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු හලාවත පොලීසිය විසින් සිදු කෙරෙන බව වාර්තා වේ.














































