ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනපති ලෙස පත්වී අදට වසරක් සපිරෙන බව වාර්තා වේ.
පසුගිය වසරේ ජූලි මස විසිවනදා පාර්ලිමේන්තුවේ දී ඡන්ද 134ක් ලබා ගනිමින් රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත් වූ අතර එදිනට පසුදින ඔහු පාර්ලිමේන්තුවේදී අටවන විධායක ජනාධිපති ලෙස දිව්රුම් දෙනු ලැබූ බව සදහන්.
කෙසේ වෙතත් ඒ වෙනුවෙන් කිසිදු උත්සවයක් සංවිධානය නොකරන ලෙසට ජනපති පසුගියදා දැනුම් දුන් බව සදහන්.
මහජන මුදල් භාවිතා කර පදවි ප්‍රාප්ති උත්සව නොපැවැත්විය යුතු බවට ජනපති ප්‍රකාශ කර තිබේ.