ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ එළඹෙන වසරේ ජනවාරි මස සිට මාස 05ක කාලයක් පුරාවට අනුරාධපුරය සහ වව්නියාව අතර දුම්රිය ධාවනය නොවන බවයි.
මෙසේ දුම්රිය ධාවනය නවතා දැමෙන්නේ සංවර්ධන කටයුත්තක් හේතුවෙන් බවත් අනුරාධපුරය දක්වා දුම්රියෙන් පැමිණෙන මගීන් ශ්‍රීී ලංගම බස් රථ යොදා ගනිමින් ප්‍රවාහනය කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරන ලදී.
අද (28) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ පිළිබඳ සඳහන් කරන ලදී.
















































