ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද (26) පැවැත්වීමට යෝජිතව තිබෙන උද්ඝෝෂණය සහ පෙළපාලිය පැවැත්වීමට කොන්දේශි සහිත වාරණ නියෝගයක් ලබාදී තිබේ.
අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී තිබේ.
ඒ අනුව නම් කළ 26 දෙනෙකුට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස ද අධිකරණය දැනුම් දී තිබේ.













































