අපරාධ රැසකට අවශ්‍යකර සිටි පුද්ගලයෙක් රත්මලාන ගුවන්තොටුපොළ ආසන්නයේ දී ඊයේ (16) ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සැකකරුගෙන් කරන ලද ප්‍රශ්නකිරීමෙන් අනාවරණය වී ඇත්තේ , බද්දේගම සණස බැංකුව බිඳ රු.954,094ක මුදලක් සොරකම් කිරීම, පිටිගල මත්තක සමෘද්ධි බැංකුව බිඳ රු.30,000 ක මුදලක් සොරකම් කිරීම, ඇල්පිටිය ඇත්කඳුර සණස බැංකුව බිඳ මුදල් හා දේපළ සොරකම් කිරීම, ගරදෙවල ග්‍රාමීය බැංකුව බිඳ රු.485,000ක මුදලක් හා රු.900,000ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීම යන සිදුවීම්වලට සම්බන්ධ වන අයෙක් බවයි.
බද්දේගම ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය ප්‍රකාශ කළේ මෙම සැකකරු හට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය මගින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව අනාවරණය වී ඇති බවයි.
ඒ අනුව මෙම සැකකරු ඊයේ (16) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති අතර එළඹෙන 28 වනදා තෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
මේ පිළිබඳ වැඩිදුරට විමර්ශන කටයුතු ගල්කිස්ස පොලිසිය සිදුකරනු ලබයි.