English
සිංහල
04:44 සිකුරාදා, ඔක්තෝබර් 24, 2025
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතීසාරේට අමුඩේ ගසයි.

    Sri Ravana by Sri Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යනු විටින් විට කතා බහට ලක්වන්නේ දේශපාලන දඩයම් වෙනුවෙන් යොදාගන්නා රාජ්‍ය ආයතනයක් ලෙසයි. දේශපාලන වුමනාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වන ක්‍රියාවලින් හැර අනෙකුත් සියලුම ක්‍රියාවලින් බොහෝ විට සාධාරණ ලෙස සිදුවන බව දක්නට තිබේ.

    ශ්‍රී ලංකාවේ දැඩි ආර්ථික අහේනිය හමුවේ ජනතාව පීඩාවට පත්වීම හේතුවෙන් ප්‍රශ්න විසදා දෙන ලෙස ජනතාව උද්ඝෝෂණ මාලාවක් දියත් කෙරුනේ මාස ගනනාවකට පෙර සිටයි.

    එසේම වත්මන් ජනාධිපතිවරයාට රජය කරගෙන යාමට නොහැකිවන ලෙස බොහෝ කටයුතු සිදු වූ බවද නොරහසකි. ජනාධිපතිවරයා බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙනී සිටියද රාජ්‍ය නිලධාරීන් සේම පොලිස් නිලධාරින්ද කටයුතු කලේ ප්‍රජාතන්ත්‍රවාදය වලපල්ලට දමමිනි. පාර්ලිමේන්තුව තුලින්ද දක්නට ලැබුනේ ජනතාව පීඩාවට පත් වන අකාරයෙන් විවිධ අනපනත් අනුමත කිරීම මෙන්ම ආණ්ඩුක්‍රම නීතියටත් එරෙහිව විවිධ ගැසට් පත්‍ර පවා නිකුත් කිරීමයි.

    රජය මෙන්ම රාජ්‍ය නිලධාරීන් බහුතරයක් සිදු කල ජන පීඩක ක්‍රියාවලින් හේතුවෙන් ප්‍රශ්න ඉල්ලා ජනාධිපතිවරයාගේ මිරිහානේ නිවස ඉදිරිපිටට ගිය ජනතාවට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කලේ විශේෂ කාර්ය බලකාය මගින් බව ඒ කාලයේම ප්‍රචාරය වූ අතර ඔවුන්ට පහර දුන් පුද්ගලයන් හදුනා ගැනීමට හැකි බව ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් ප්‍රකාශ කරයි.

    ඔවුන්ට පහර දුන් පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට ප්‍රහාරයට ලක් වූ පුද්ගලයන් අධිකරණයට පැමිණ වීමේ නූගත්, ම්ලේච්ඡ, නීතිවිරෝදී පොලිස් නිලධාරීන් කටයුතු කලේ පතාලයටත් වඩා ඉහලින් කටයුතු කරමිනි. එම ප්‍රහාරයත් සමගම මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජය නැති කර දැමීමට ජනතාව කටයුතු කරන ලදී. එයිනුත් පාඩම් නූගත් ශ්‍රී ලංකා පොලිසියේ නූගත්, පටු, ජාන විද්‍යාවේ උගන්වන නිහීන ජාන ( පහත් , තුච්ච, කැත) සහිත සීමිත ජේෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියා කලාපය රටක් ගිනි තැබීමට හේතු විය.

    ඒ ගිනි තැබීම තුට්ටුවකට මායිම් නොකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා නැවතත් රට ගිනි තැබීමට කටයුතු කරමින් සිටි. ඒ ජනතාව දෙනෙතින් දුටු, කනින් ඇසු සත්‍ය වසන් කිරීමට කටයුතු කිරීමයි. එනම් ගාලු මුවදොර ප්‍රහාරය දැන දැනම වැළැක්වීමට කටයුතු කල පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට කටයුතු නොකිරීමයි. ඔවුන් පසෙක දමා රට පුරා ප්‍රචණ්ඩව හැසිරුණු පුද්ගලයන් අත් අඩංගුවට ගනිමින් සිටී. ඔවුන් අත් අඩංගුවට ගැනීමෙන් අරලියගහ මැදුරේ පිරිස් නොහොත් තමන්ගේ නායකයාගේ හිතවතුන් ආරක්ෂා කිරීමට කටයුතු කරනු ලබන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාකලාපය නිසා නැවතත් ජනතාව ප්‍රචණ්ඩත්වයට පත් වෙමින් තිබේ.

    එහි පළමු පියවර ලෙස හෙට උද්ඝෝෂණ පැවැත්වෙන අතර 18 සිට දින තුනක් නැවතත් රට පුරා උද්ඝෝෂණ සිදු කිරීමට රාජ්‍ය සේවකයන් කටයුතු කරමින් සිටි. එදින ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන් සොයාගැනීම සදහා දැන් මහජන සහාය පැතීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.   

    නමුත් හිටපු අමාත්‍යවරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු , සනත් නිශාන්ත  පවිත්‍රා දේවි වන්නිආරච්චි , රෝහිත අබේගුණවර්ධන, සංජීව එදිරිමාන්න, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රකුමාර , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය, මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු, ඩ්‍රෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම, රේඛා කහඳගම, සුගත් හේවාපතිරණ, වසන්තා හඳපාන්ගොඩ, සංගීත් සිල්වා

    යන පුද්ගලයන් ඇතුළු පුද්ගලයන් රැසක් මුල් අපරාධයට සම්බන්ධ වුවන් වේ. රට පුරා ජනතාව කුපිත වුයේ මොවුන්ගේ නින්දා සහගත හැසිරීම නිසාය. ඔවුන්ගේ හැසිරීමෙන් කුපිත ජනතාව අත් අඩංගුවට ගැනීමට නීතිමය වශයෙන් ප්‍රතිපාධන නැති බව පොලිස් දෙපාර්තමේන්තුවේ අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා නොදන්නේ ඇයි.   

    පීඩාවට පත් ශ්‍රී ලංකික ජනතාව වෙනුවෙන් පැවති සාමකාමී අරගලයට පහර දීම නිසා සමස්ත ලංකාවම කුපිත විය. එවැනි අවස්තාවක නීතිය ක්‍රියාත්මක කල යුත්තේ කෙසේද යන්න ඉතාම පැහැදිලිවම නීති පොත පත තුල සඳහන් වේ. රට පුරාම සිටි ජනතාව පහර දුන්නේ ඔවුන් පීඩාවට පත් කල රජයට සම්බන්ධ පුද්ගලයන්ටයි. ජනතාව පීඩා කලේද, ඔවුන්ගේ අරගලයට පහර දුන්නේ ද රජය විනා අන් කිසිවෙකුත් නොවේ. අත් අඩංගුවට ගත යුතු පුද්ගලයන් අත් අඩංගුවට නොගෙන අත් අඩංගුවට ගැනීමට නොහැකි නොහොත් පීඩා විඳීම හේතුවෙන් කෝපයට පත්ව සිටි ජනතාවගේ කෝපය දෙගුණ තෙගුණ කරමින් ක්ෂණිකව ඇති කල කෝපය වෙනුවෙන් ඔවුන් අත් අඩංගුවට ගන්නේ කෙසේද?. ඔවුන් අත් අඩංගුවට ගන්නේ නම් ජනතාව කුපිත කරමින් තමන්ගේ පාක්ෂිකයන්ගේ ජීවිත අනතුරේ දැමීමට කටයුතු කල ඉහත සදහන් සෘජුවම හදුනා ගත හැකි පුද්ගලයන් තවමත් නිදැල්ලේ සිටින්නේ ඇයි?.

    අප දන්නේ එක දෙයකි. දේශපාලනය කල බොහෝ පොලිස් නිලධාරීන්ට සිදු වූ දේවල් අපට මතකය. එවැනි පුද්ගලයන්ගෙන් මෑතකදී කියවුනේ ශානි අබේසේකර මහතාය.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට මෙන්ම අනෙකුත් නිලධාරීන්ටද එය උරුම වීම වැඩි දවසක් යාමට පෙර සිදුවන බව නම් නොඅනුමානය.

    එබැවින් අතීසාරෙට අමුඩේ ගැසීමෙන් සිදුවන්නේ අපරාධ කරුවන් බේරාගැනීම වෙනුවෙන් වෙහෙසෙන පොලිස් නිලධාරීන්ට අවසානයට සිදුවන්නේ  අමුඩේවත් නොමැතිව ජම්පරේ ගසාගෙන හිරගෙදරටම වී සිටීමටය.     

    එබැවින් මුල්ම වැරැද්දේ වැරදිකරුවන් වෙනුවෙන්  නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, සාපරාධී බිය ගැන්වීම, කැරලි ගැසීම, අන්තරාදායක ආයුධවලින් තුවාල සිදු කිරීම, හිරිඔතප් බිඳීමේ අදහසින් ස්ත්‍රියකට අඩන්තේට්ටම් කිරීම, කැරැල්ලක් ඇතිකරවීමේ අදහසින් නිකරුණේ ප්‍රකෝප කිරීම, නීති විරෝධී රැස්වීමකට කුලියට ගනු ලැබූ තැනැත්තන් හට නවාතැන් ලබා දීම ඇතුළු චෝදනා රැසකින් නඩු පැවරීම සදහා වහාම ඔවුන් අත් අඩංගුවට ගත යුතුය. එසේ නොමැතිව නැවතත් ජනතාව කුපිත වීම වැළැක්විය නොහැකි වනු ඇත.  

    ශ්‍රී නිශ්ශංක මායාදුන්න

    Tags: SRI LANKA ECONOMIC CRISISජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    විශේෂ පුවත්

    මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයක් .

    මාර්තු 10, 2024
    අධ්‍යාපන

    ගරිල්ලා මෙහෙයුමකින් විදුහල්පතිවරියක් පාසලක් අල්ලයි! JVP දිස්ත්‍රික් නායකයෙක් කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කාර්යාල අඩස්සියට අරගෙන. දිඨිඨ ධම්මවේදනීය කර්මය පල දුන් හැටි!

    මාර්තු 1, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    වතුකර ජනතාව හාන්සී. කඳුකරයේ මහජන නියෝජිතයො කොහෙද?

    පෙබරවාරි 29, 2024
    රාජ්‍ය පරිපාලන

    ප්‍රාදේශීය ලේකම්ගෙන් “රාවණාට අභියෝගයක්!”. මෙන්න පිළිතුරු!

    පෙබරවාරි 28, 2024
    ආරක්ෂක අංශ

    පොලිස්පති ලෙස දේශබන්දු පත්කිරීමෙන් මිනිසුන්ගේ බිය වැඩි වෙලා! පරණ කෙරුම් නැවත මතක් කරයි!

    පෙබරවාරි 27, 2024
    දේශපාලන කතා

    රට වැනසූ රාජපක්ෂලා සමග ගණුදෙනු නෑ! රට විනාශ කල සියල්ලෝම හොයා දඩුවම් දෙනවා!

    පෙබරවාරි 26, 2024
    දේශපාලන විද්‍යාව

    රවීගෙනුත් මහ බැංකුවට චෝදනාවක්. ඔටුවො වගේ ඉදලා හරියන්නෙ නෑ

    පෙබරවාරි 25, 2024
    දේශපාලන කතා

    රනිල් දුෂිතයෙක් නෙවෙයි! සජිත් කියයි!

    පෙබරවාරි 25, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    රටට හිතැති, මහනුවර ඔබ වෙනුවෙන්. අනිවාර්යයෙන්ම එන්න.

    පෙබරවාරි 25, 2024
    ආරක්ෂක අංශ

    පොලිසිය මාධ්‍යවේදයට නීතිවිරෝදීව අත තියයි!. මාධ්‍ය යනු මහජන ආරක්ෂාවේ මුදුන් මල්කඩයි!. අධිකරණය නොමග යැව්වාද?

    පෙබරවාරි 25, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version