කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙසේ කියා සිටියේ ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලය විසින් සංවිධානය කළ සම්මාන හා සහතිකපත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සම්භන්ද වෙමිනි . විවිධ කමිටු ඉදිරියේ මාධ්‍ය සංදර්ශන පවත්වා රාජ්‍ය නිලධාරින් අපහසුතාවයට පත් කරන බවයි . නහය වහගෙන හුස්ම ගන්න කියන්නා වාගෙ කරන හැම වැඩකටම ආයතන ස්ංග්‍රහයයි , මුදල් රෙගුලාසියි හරස් කරලා වැඩ කරන රජ්‍ය නිලධාරීන්ගෙ කකුලෙන් ඇදලා ඔවුට තර්ජනය කරලා රට මේ යන සිස්ටම් එක වෙනස් කළ යුතු වබ අමාත්‍යවරයා සදහන් කලේය . එමෙන්ම කිසිම සුදුසුකමක් නැති , උපාධියක් තියා විශ්ව විද්‍යාලයකටවත් ගිහින් නැති , රාජ්‍ය නිලධාරීන් ඉදිරියේ කතා කරන්නවත් දන්නෙ නැති ආචාර්‍ය මහාචාර්‍යවරුන් යැයි කියන බොරු පට්ටම් ගහගෙන ඉන්න ඇතැමුන් මාධ්‍ය සන්දර්ශන ඉදිරියේ අපහසුතාවලට පත් කිරීම හේතුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයිනුත් වැඩ කිරීමට පිටුපා ත්මන්ගෙ ෆැන්ශන් එක බේරගන්න ඕනි නිසා ගහන පදයට නටන තත්වයකට රාජ්‍ය සේවකයින් පත් වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේය. එමෙන්ම වැඩි දුරටත් අමාත්‍යවරයා කියා සිටියේ දුක් මහන්සි වෙලා විශ්ව විද්‍යාලයට ගිහින් උපාධි අරගෙන රටට සෙවයක් කරන්න ආව රාජ්‍ය සේවකන්ගේ කකුලෙන් අදින බොරු පට්ටම් ගහගෙන ඉන්න ඇතැමුන්ගෙ ක්‍රියාවන් නිසා අද රට මේ තත්ත්වයට පත් වී ඇති බවයි .
එම උත්සවයට සහභාගී වූ අමාත්‍යවරයා ඵලදායීතාවය පිළිබදව කතා කළ අවස්ථාවේදී කියා සිටියේ තමා පාර්ලිමේන්තුවේදී ඵලදායීතාවය පිළිබදව කතා කළ අවස්ථාවේ පාර්ලිමේන්තුව ඔහුට විරෝධය දැක්වූ බවයි .
අමාත්‍යවරයා ආහාර සුරක්ශිතතාවය පිළිබදව අදහස් දැක්වූයේ මෙසේයි . ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ලබා දුන් කුකුල් පැටවු ගණනට බිත්තර ලැබුන නම් , බෙදා දුන් බණ්ඩක්කා වට්ටක්කා ඇට ප්‍රමාණයට ඵලදාව ලැබුනා නම් ආහාර සුරක්ශිතතාවය පිළිබද ගැටලුවක් පැන නැගෙන්නේ කෙසේ දැයි අමාත්‍යවරයාගේ අදහස විය . බෙදා දුන් කුකුල් පැටවු , ඇට වර්ග එකී නොකී මේ හැම දේම ලබා දුන්නේ දේශපාලකයන්ට ගොට්ට අල්ලපු ඔවුගෙ පෝස්ටර් අලවපු අයට මිස ලබා දුන් දේවල් අවශ්‍ය වී තිබූ අයට නොවේ . එම නිසා මේ ආහාර සුරක්ශිතතාවය නම් ගැටලුව පැන නැගී ඇති බව අමාත්‍යවරයගේ අදහස විය.
ආහාර සුරක්ශිතතාවය මෙන්ම කෘශිකර්මාන්තයේ ඵලදායීතාවය පිළිබදවත් වැඩි අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍ය මනූශ නානායක්කාර මහතා පවසා සිටියේය . රටේ පවතින කුඩා පරිමාණ මහා පරිමාණ ව්‍යාපාර සියල්ල ස්ථාපිත කෙරෙන ඵලදායීතා කොමිසම විසින් නියාමනය කර අවශ්‍ය කරයුතු වලට පියවර ගන්නා බවත් 2048 වන විට ඵලදායීතාව මත පදනම් වූ දැක්ම සකස් කරන බවත් කියා සිටියේය .
එමෙන්ම ඔහු විශේෂයෙන් කියා සිටියේ දේශපාලන යාන්ත්‍රණයක් ලෙස සමුර්ධිය කරගෙන යාමට ඉඩ නොදෙන බවයි . අදටත් සමුර්ධිය නොලැබෙන , ආර්ථික අපහසුතා ඇති සමුර්ධිය ලබා දීමට සුදුසු සෑම කෙනාටම ලබා දෙන බවත් ඔවුන්ට ස්වයන්ව ගොඩ නැගීමට ශක්තියක් වීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරත් පවසා සිටියේය . බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ වගේ කවුරු මොනව කිව්වත් සමුර්ධියේ අනෙකුත් වරප්‍රසාද ඉවත් කිරීමට තමා කටයුතු කරන බවත් පවසුවේය.
ඵලදායීතාව පැත්තෙන් ආහාර සුරක්ශිතතාව හා කෘෂිකාර්මික ඵලදායීතාව උදෙසා වැඩි අවධානයක් යොමු කරන බවත් , ලැබීමට සුදුසු අයට සමුර්ධිය ලබා දීමට කටයුතු කරන බවත් , 2048 වනවිට මේ රට ඉන්න හිතෙන රටක් කරන බවත් පවසා සිටි අතර වැටුණු තැනින් රට ගොඩනැගීමේ ව්‍යාපෘතියටත් , රටේ සිස්ටම් එක වෙනස් කර රට සැලසුමකින් යුතුව ඉදිරියට යාමත් සැවොම එකට එකතු වී සහයෝගයෙන් සමගියෙන් කටයුතු කරමු යැයි අවසාන වශයෙන් අමාත්‍ය මනූශ නානායක්කාර අවසාන වශයෙන් ප්‍රකාශයට පත් කර සිටියේය.