රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් කෙතරම් බාධක වලට මුහුණ දීමට සිදුවුවත් දරුවන් සමඟ අරගලය අඛණ්ඩව ඉදිරියටත් සිදු කරන බව ඊයේ (16) දිනයේදී කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අරගලයේ නියුතු පාර්ශවයන් ප්‍රකාශ කර ඇත.
එහිදී අදහස් දැක්වූ රශ්මිනී විහඟා මහත්මිය මෙසේ ප්‍රකාශ කර ඇත.(උපුටා ගැනීමකි),
“09 වනදා මගේ මහත්තයාගේ අතේ දරුවා ඉන්නවා දැක දැක තමයි ඇවිල්ලා පහර දුන්නේ. කවුරු මොනදේ කිව්වත් අපි දරුවෝ අරගෙන පාරට බහිනවා. පරිප්පුයි බතුයි වත් කන්න දෙන්න විදිහක් නැහැනේ. කිරිපිටි ටිකක් දෙන්න විදිහක් නැහැ. ඒ ප්‍රශ්න හින්දාතමයි අපි පාරට බැස්සේ. මෙච්චර කල් දරුවෝ අරගෙන අපි පාරට බැස්සේ නැහැනේ. “