අප රටේ සම්පත් කෙතරම් තිබුනත් පාලකයන්ගේ උවමනාව වී ඇත්තේ දේශිය දේ නොව විදේශිය දේ අගය කිරීමයි.ශ්‍රී ලංකාව වැනි රටක් කිසිම දිනක දියුණුවට පත් නොවන්නේ මෙවන් පාලකයින්ගේ ගොබ්බ මානසිකත්වය හේතුවෙනි.මේ පිළිබඳව වයි.එල්.චන්දන සේනානායක මහතා ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් තමාගේ නිර්මාණ පිළිබඳ රට තුල ගොඩනැංවී පවතින තත්වය පිළිබඳ කරුණු හෙලිදරව් කරන ලදි.
චන්දන සේනානායක මහතා ප්‍රකාශ කර සිටින්නේ විෂ පොල්තෙල් භාවිතයෙන් සිදු වන විනාශය වළක්වා ගැනීමට නිපදවූ පොල්තෙල් හිදින අත් යන්ත්‍රය ප්‍රතික්ෂේප වූ බවත් කෝටි 50000ක පොල්තෙල් ලංකාවට ගෙන්වන බවත්ය .මෙම තෙල් තුල ඇපලටොක්සින් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීමේ අවධානය අධික බවත් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඔහු තවදුරටත් පැහැදිලි කර සිටින්නේ ලංකාවේ විදුලිබල තාක්ෂණය පිළිබඳ තමා ඉදිරිපත් කල නිර්මාණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ 225 ටම දැනුම් දුන් බවත් කිසිවෙකුත් එය ගැන සැලකිලිමත් නොවූ බවත්ය.
එමෙන්ම ශ්‍රී ලංකාව අදානි සමාගමට දවසට මෙගාවෝට් 500ට කෝටි 30ක් ලබා දෙන අතර එලෙස ලබාදීමකින් තොරව මෙම සෝලර් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන්නේ නම් අප රටේ මුදල් රට තුලම ඉතුරු කර ගැනිමට අවස්ථාව හිමි වන බවත් සෝලා ව්‍යාපෘතිය සදහා ඉන්වයිටර් බැටරි අවශ්‍ය නොවන බවත් ප්‍රකාශ කර තිබේ.
මෙහිදී ඔහු අවසාන වශයෙන් පවසා සිටින්නේ බලශක්තිය සම්බන්ධයෙන් පිටරටක් සම්බන්ධ විමෙන් එම රටේ විනාශය එයම බවත් ලංකාව තුල නව නිර්මාණකරුවන්ට තැනක් නැත්නම් දේශිය දේ අගය කිරීමක් නොවන්නේ නම් තව අවුරුදු 75ක් ගියත් මෙලෙසම පවතින බවත් අනාගත දරුවන් වෙනුවෙන් හෝ මිට වඩා නව තාක්ෂණය පිළිබඳ අවධාණය යොමු කල යුතු බවට ප්‍රකාශ කර තිබේ .
මේ පිළිබඳව වැඩිදුරටත් තොරතුරු දැන ගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න.













































