මහරගම පිළිකා රෝහලත් වැඩ වර්ජනයකට සැරසෙන ලකුණු පෙනී යයි.ඒ සෞඛ්‍ය ලේකම් ජනක චන්ද්‍රගුප්ත විසින් විකිරණ තාක්ෂණවේදීන්ට අයත් රාජකාරි කොටස බෞතික විද්‍යාඥවරුන් වෙත පවරා ඔවුන්ගේ රාජකාරි ලැයිස්තුව අනුමත කිරීම හේතුවෙනි.
මෙම ලිපිය අනුමත කිරීමට ප්‍රථමයෙන් එහි අන්තර්ගතය සොයා බැලීම සඳහා එහි අනුපිටපතක් ඉල්ලා සිටිය ද සෞඛ්‍ය ලේකම්වරයා විසින් එය සඟවමින් මෙසේ කටයුතු කර ඇති බවයි රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ.
ඒ අනුව මේ පිළිබඳ සඳහන් කරමින් සෞඛ්‍ය ලේකම්වරයා ලිපි මගින් දැනුවත් කළ ද එයට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා ඇති බව සඳහන් වේ.
පිලිකා රෝගීන්ගේ ප්‍රාණ වායුව ආරක්ෂා වී තිබෙන්නේ මෙම විකිරණ තාක්ෂණවේදය තුළ බව ඔබ අප සියල්ලන් දන්නා කරුණකි.
පිළිකා හඳුනාගැනීමේ ක්‍රියාවලියේ සිට පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතුවලට පවා මෙම විකිරණ විද්‍යා තාක්ෂණය වැදගත් වනු ලබයි.එවැනි තත්ත්වයක් තුළ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සිදුකරනු ලබන මෙවැනි ක්‍රියා හේතුවෙන් අසරණ වන්නේ අහිංසක රෝගීන් බව ඔවුන් වටහාගත යුතුව ඇත.
අවශ්‍ය බෙහෙත් පවා නොමැතිව දුක් විඳින පීඩා විඳින රෝගීන්ට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ගනු ලබන මෙවැනි තීරණ ඔස්සේ සිදුවන බලපෑම් මහත් පීඩාවක් මෙන්ම ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජනයක් වනු ඇත.
පිළිකා රෝගියෙක් යනු දවසකින් හෝ තම ආයු කාලය දීර්ඝ කරගැනීමේ අපේක්ෂාවෙන් ජීවිතය ගතකරන පිරිසකි.
මෙතෙක් කාලයක් විරෝධතා සඳහා ඉදිරිපත් නොවූ පිලිකා රෝහල ද විරෝධතා මාර්ගයකටපිවිසීමට මේ වන විට සැරසෙන්නේ නම් එව විශාල බලපෑමක් වනු ඇත.
මාධ්‍යවේදීන් ද මේ පිළිබඳව සොයා බලා ජනතාව මෙන්ම අදාළ බලධාරීන් ද දැනුවත් කළ යුතුව ඇති අතර එම වගකීම මාධ්‍යවේදී ඔබගේ ද වගකීමකි.
මෙතෙක් ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සිදු නොවූ දේවල් පවා අද වන විට සිදු වෙමින් පවතින බව අපට පෙනී යන කරුණකි.කෙසේ නමුත් රටේ මහජනතාවගේ ජීවිතවල වගකීම දැරිය යුතු සෞඛ්‍ය අමාත්‍යංශය මෙසේ වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම රටේ අනාගතයට විශාල බලපෑමකි.














































