දේශපාලනීකරණය වූ රාජ්‍ය සේවය නිසා ජනතාව රාජ්‍ය සේවකයන්ට තම අප්‍රසාධය පලකිරීමට ආරම්භ වුයේ දශක කිහිපයක සිටය. විශේෂයෙන්ම අපගේ මතකය සහ අත් දැකීම දිව යන්නේ 1994 බලයට පැමිණි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ රජය යටතේ නිර්මාණය කල සමෘද්ධි ව්‍යාපාරය ආරම්භ වීමත් සමගම ජනසවිය ව්‍යාපාරය අහෝසි වී ගිය අතර ඉන් අනතුරුව සමෘද්ධි සහනාධාර වැඩ පිළිවෙලට බදවා ගනු ලැබූ සමෘද්ධි නිලධාරීන් සියලු දෙනාම එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලකයන් විසින් පත් කරගන්නා ලද ඔවුන්ගේ අනුගාමිකයන් විය. සමෘද්ධි නිලධාරීන් ගම් වල සිටින දුගී දුප්පත් ජනතාවට පයින් ගසමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් හට පමණක් සමෘද්ධි සහනධාරය ලබා දෙමින් ජනතාව තුල දේශපාලන වෛරය ඇතිකරන ලදී. බෙදීම ඇති කරන ලදී.
එදා පාලකයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය ජනතාවට සේවය කලේ නැත. ඔවුන් සේවය කලේ ඔවුන්ගේ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරන පුද්ගලයන් වෙනුවෙන් පමණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය දෙස බලනුයේ පිළිකුල් සහගත ලෙසය.
වැඩ වර්ජන පවා සිදු වුයේ ජනතාව වෙනුවෙන් නොවේ. ඔවුන් වෙනුවෙනි. වෛද්‍යවරුන් ගුරුවරුන් පවා ජනතාවගේ බඩට ගසමින් ජනතාව සමග සෙල්ලම් කල අතර දසක කිහිපයක් තිස්සේ රාජ්‍ය සේවකයන් සිදුකරනු ලැබූ අපකීර්තිමත් දේවල් නිසා මෙම තත්වය සිදු වූ බවද, ලක්ෂ ගනනාවක් වැටුප් ලබන රාජ්‍ය සේවකයන් පවා සිදුකරනු ලැබූ වංචා. දූෂණ මෙන්ම අක්‍රමිකතා පවා කෝප් කමිටුවේදී ජනතාව ඉදිරියේ දිග හැරුණි. රටේ වර්තමාන තත්වය දෙස බලන විට රාජ්‍ය සේවකයන් මෙන්ම පැවති මෙන්ම පවතින රජයන්ද ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ දියුණුව වෙනුවෙන් කිසිම දෙයක් සිදුකර නැත.
ඒ අතර “ඉන්ධන නිකුත් කිරීම අත්‍යාවශ්‍ය සේවාවන් සදහා පමණයි “ ඊයේ රාත්‍රී නිකුත් කල නිවේදනයත් සමගම තම දු දරුවන්ගේ කුසගින්න නිවීම සදහා, තම රැකියාවන් කරගැනීම රැකියාවක් කිරීම අත්‍යාවශ්‍ය සේවයක් නොවේද යන්න ජනතාව රජයෙන් ප්‍රශ්න කරති. ඒ සමාජ මාධ්‍ය තුලිනි. මේ වන විටත් ඉන්ධන ලැබෙන තෙක් දහස් ගනනාවක් ජනතාවක් ඉන්ධන පෝලිම් වල සිටී.
රටේ ප්‍රශ්න කතා කරන ඒවා පෙන්වා දෙන පුද්ගලයන්ට පාලකයන් වෛර කරති. ඔවුන්ට විරුද්ධව රාජ්‍ය බලය භාවිතා කරති. එහෙත් ඒ සියල්ලටම වැඩ ඉහලින් ජනතාව නැගී සිටින්නේ තම කුසගින්න වෙනුවෙනි. එහෙත් කණගාටුවෙන් වුවත්, අප ලියන සම්ප්‍රධාය වෙනස් කරමින්, අකමැත්තෙන් වුවත් ලියන්නට වන්නේ මේ සියලුම දේවල් සදහා ප්‍රධාන වගකිව යුත්තා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවයි.
මිනිසුන්ගේ ප්‍රශ්න නිසි ලෙස නොවිසදෙන ප්‍රශ්නය නම් සියලුම බලතල ජනාධිපතිවරයා ලග තබා ගැනීමයි. 9 වැනිදා ප්‍රහාරයෙන් පසු ජාතිය අමතමින් ඔහු කල ප්‍රකාශය නිසා ජනතාව යම් වෙනසක් බලාපොරොත්තු විය. ඒ 21 වැනි ව්‍යවස්ථාව හරහා සියලුම බලතල පාර්ලිමේන්තුවට ලබාදීමෙන් යම් සහනයක් ජනතාවට ලැබෙනු ඇති බවට විශ්වාසයක් ඇති වීමයි. එබැවින් තවමත් ප්‍රමාද නොවී හෝ ජනාධිපතිවරයා කල යුත්තේ පාර්ලිමේන්තුවට බලතල පවරා දී නිහඩව රට ඉදිරියට ගෙන යාමට ඉඩ ලබා දීමයි.
වැඩි දුරක් නොගිහින් කුසගින්නේ මියයන ජනතාව, කැරලි කෝලාහල ආදී බොහෝ දේ සිදුවන විට ජනාධිපතිට නිදහසේ මිය යාමටවත් ඉඩක් නොමැති වියහැකි බව දැන්වත් තේරුම් ගන්නේ නම් එයම මහා පුණ්‍ය කටයුත්තක් වනු ඇත.
 
	    	



























 
		    

















