සෞඛ්‍ය අංශ සඳහන් කළේ තරුණයින් අතර අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම හේතුවෙන් සියදිවි හානිකර ගැනීමේ ප්‍රවණතාවය ද වැඩි වී ඇති බවයි.
මෙම තත්ත්වය බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල බවද සඳහන් වන අතර මෙම මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවායින් පසු ඉන් ගැලවීමට හැක්කේ ඉතාමත් අඩු ප්‍රතිශතයකට බව සඳහන් වේ.
මෙම අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සමග ඇති වන මානසික පීඩනය හේතුවෙන් එය භාවිතා කරන්නන් ක්ෂණික තීරණ ගැනීමට පෙළඹෙන අතර එහිදී මෙවැනි සියදිවි නසා ගැනීම් සිදුකර ගන්නා බවට වාර්තා වේ.
ඇතැමුන් සියදිවි නසා ගැනීමේ අධිටනින් කාසි පවා ගිල දමන අවස්ථා වාර්තා වී ඇති බව ද සඳහන් වේ.
එමෙන්ම මේ සම්බන්ධයෙන් සිදුකරගෙන ඇති අනාවරණයන්ගේ දැක්වෙන තවත් කරුණක් වන්නේ අයිස් මත්ද්‍රව්‍ය භාවිතයෙන් සියදිවි නසා ගැනීම් සිදුවන්නේ සාමාන්‍ය සියදිවි හානිකර ගැනීම්වලට වෙනස්ම ආකාරයකින් බවයි.
මෙවැනි සියදිවි හානිකර ගැනීම් සම්බන්ධයෙන් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ මෙම සියදිවි නසා ගැනීම් පෙර සැලසුම් කිරීමකින් තොරව කෙටි කාලයක් තුළ ක්ෂණික ක්‍රියාත්මක වීමක් තුළින් සිදුකර ගන්නක් බවයි.
කෙසේ නමුත් මේ වන විට රටේ බාලවයස්කාර දරුවන්ද මෙම මත් රකුසාගේ ගොදුරන් වී හමාරය.තරුණ ජීවිත නිකරුනේ මෙසේ විනාශ වී යන තෙක් බලධාරීන් නින්දේය.ඇතැම් පාලකයන් ද මෙම මත්ද්‍රව්‍ය ව්‍යපාරයන්හි නිරත බවට විවිධ පුද්ගලයින් විසින් තොරතුරු අනාවරණය කළ අවස්ථාද වේ.
තවත් ලස්සන ජීවිතයක් විනාශ කර දමමින් මුදල් ඉපයීමෙන් ඇති ඵලක් නැත.මෙසේ අඳුරට වැටෙන්නේ රටේ අනාගතය බව ද අප මතක තබා ගත යුතුව ඇත.















































