ශ්‍රී ලංකාව නැවත ගොඩ ගැනීමට රාජ්‍ය පාලකයන්ට දැනුමක් නැති බව දිනෙන් දිනම එලි දරව් වෙමින් පවතින නමුත් පාලක පන්තිය රටක් සමග සෙල්ලම් කරන්නේ පුංචි දරුවන් කෝම්පිට්ටු සෙල්ලම් කරන්නා සේය. ජනතාවගෙන්ද අති බහුතරයක් ගමන් කරන්නේ එම පාලකයන්ගේ අඩි පාරේමය.
රටේ තත්වය එසේ වෙද්දී සියලුම භාණ්ඩ මිල ඉහල යද්දී බොහෝ ජනතාව තම වියදම් කපා දමමින් සිටින නමුත් බැංකු ණය මෙන්ම වෙනත් ණය හේතුවෙන්ද, දරුවන්ගේ වියදම් ආදිය නිසාද මහජනතාව දැඩි පීඩනයක සිටිති.
ඒ සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි, අරක්කු මිල ඉහල නොදමා ඉන්ධන මිල ඉහල යාමේ රහස කුමක්දැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කරන ලදී.
මේ රටේ මිනිසුන්ට අරක්කු පොවන්නේ විශාල ෆැක්ටරි ප්‍රමාණයක් ලග තබාගෙන ලංකාවේ මිනිසුන්ට අරක්කු පොවන බවද අරක්කු මිල වැඩි නොකර තෙල් මිල වැඩි කිරීමේ රහස කුමක්දයිද යන්නද උන් වහන්සේ ප්‍රශ්න කරන ලදී.
 
	    	



























 
		    
















