කොළඹ ජාතික රෝහලේ රෝහල් ප්‍රකාෂකයකු සඳහන් සදහන් කර ඇත්තේ රෝහලේ පිහිටි වාට්ටුවක සෞඛ්‍ය සේවා සහායිකාවකට අයත් කබඩයක තිබී අති විශේෂ වර්ගයේ අරක්කු බෝතල් හතක් සොයා ගත් බව සහ එම අරක්කු කබඩය තුළ සඟවාගෙන සිටි සෞඛ්‍ය සහායිකාව ද මේ සමග අල්ලාගත් බවයි.
රෝහලේ පරිපාලන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව මෙම අරක්කු සොයා ගෙන ඇති බව සදහන් වේ.
රෝහල් ප්‍රකාශකයා වැඩිදුරටත් සදහන් කරමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අරක්කු රෝහලේ සේවකයන් හට විකිණීමට සගවා තබා ගන්නට ඇති බව සැක පහළ කරණ බවයි.
මෙම සේවිකාවට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කොට ඇත.














































