ගාලු මුවදොර පිටියේ පිහිටි තරුණ අරගලයේ ප්‍රසිද්ධ දේශකයෙකු වන චාල්ස් තෝමස් පියතුමා ද සහභාගි විය. ඒ ගෝඨාභය සහ මහින්දට විරුද්ධවයි. එහිදී ඔහු විශේෂ කතාවක්ද කරමින් තරුණයන්ගේ අරගලයට නව පනක්ද එක් කරන ලදී.
නමුත් මේ වන විට චාල්ස් තොමස් කලේ බොරුවක් බවට සමාජ මාධ්‍ය ජාලා වල එක්තරා පුවතක් පලවෙමින් තිබේ. එනම් පසුගිය සෙනසුරාද (04) මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු බව පවසන ඇමරිකාවේ පදිංචි ඩඩ්ලි රාජපක්ෂ යන අයෙකුගේ නිවසේ භෝජනයක් සදහා සහභාගි වී තිබේ.
සමාජ මාධ්‍යට අනුව රාජපක්ෂලාට විරුද්ධව කතා කරමින් අරගලයේ පියෙකු සේ ඉදිමින් රාජපක්ෂවරයෙකුගේ නිවසට ගොස් සතුටු සාමිචියේ යෙදෙන්නේ ලැජ්ජාවක් නැතුවදැයි ප්‍රශ්න කරති.
අපටද ලිවීමට බොහෝ දේ තිබේ. නමුත් අරගලය සමග එක් වී තරුණ ළමයින් මහපාරට ඇද දමමින් ඇමෙරිකාවේ ගොස් සැපට කකා බිබී ඉන්න අයුරු නම් අනුමත නොකරන නමුත් අරගලයට සහභාගි නොවී එසේ කලේ නම් කිසිදු ප්‍රශ්නයක් නැත. මෙහි උපහාසයට කරුණ නම් රාජපක්ෂලාට විරුද්ධව කතා කර, ජනතාව පාරට බස්සවා, ඔවුන් සමගම සිටීම පමණි.
කෙසේ නමුත් ඩඩ්ලි රාජපක්ෂ යනු මහින්ද රාජපක්ෂ මහතාගේ කුමන අකාරයෙන් නෑදෑකමක් තිබේද යන්න සෙවීම සදහා අප උත්සාහ නොකළ නමුත් මෙම පුවත වාර්තා කර තිබෙන්නේ සමාජ මාධ්‍ය වේ.













































