අප පසුගිය මාර්තු සිටම වරින් වාර්තා කලේ රට ගිනි ගන්නේ රාජ්‍ය පරිපාලනයේ වරදින් බවයි. අප එසේ සදහන් කලේ ජනාධිපතිවරයා සමග හෝ එම පක්ෂයේ කිසිම කෙනෙකු සමගින් තරහකින් හෝ වෛරයකින් නොවේ. ඒ ජනාධිපති මෙන්ම ඉන් පහලට සියලුම දෙනා ආරක්ෂා කිරීමද, අපගේ අකුරු ලියවෙන්නේ සාමකාමී මෙන්ම කිසිවෙකුට කරදරයක් නොමැති රාජ්‍යක් බිහි කිරීමට ඔවුන්ගේ දෙනෙත් විවර කල යුතු නිසාය.
මැයි මස 9 වැනිදා ප්‍රහාරයෙන් පසුව අප දිගින් දිගටම දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව ලීවේය. ඒ ඔහු වැරදි නිසාය. ඔහුට විරුද්ධව කල යුතුව තිබෙන අධිකරණ කටයුතු පවා නිසි ලෙස ඉටු නොවුනි. දේශබන්දු තෙන්නකොන් මහතාගේ දෛවයද හරිම අපූරුය. ජුලි 9 වැනිදාද සියල්ලම සිදුවන්නේ දේශබන්දුගේ වැයික්කියේය. පසුගිය දා පාඩම් නූගත් ඔහු මෙවරද සුපුරුදු පරිදිම සියල්ලම සිදුකරනු ඇත. නමුත් මෙවර එදාට වඩා දරුණු බව බලයෙන් උද්දීපනයව සිටින්නෝ තේරුම් නොගනු ඇත.
බලයෙන් උද්ධච්ච වූ සහ සම්බුද්ධික මනසක් නැති මෙන්ම ලෝක ඉතිහාසය සහ මෙවැනි අවස්ථාවලදී සිදුවන්නේ කුමක්ද යන්න සහ මින් පසුව සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් නොගත් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම අපගේද ආරක්ෂාව වෙනුවෙන් රට බේරා ගැනීමේ මග ගැන ලිවීම අප නිරන්තරයෙන්ම සිදුකරන ලදී. නමුත් ඒවා ගඟට කැපු ඉනි සේ විය.
දැන් මේ අරගලයේ අවසානයක් දැකිය යුතු තැනට ජනතාවගෙන් 80% කටත් වඩා තීරණය කර තිබේ. එය හොද හෝ නරක විය යුතු බව 40% ක් පමණ සිතයි. එසේම මේ වන මිලියන 6 ක් ජනතාව තමන්ගේ ආහාර වෙලා සපයාගන්නේ කෙසේද යන්න තීරණයකට පැමිණීමට නොහැකිව සිටි.
නමුත් අරගලය තුලින් 9 වැනිදාට ගිනි අවි පත්තු වේවි. කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වේවි. පිරිසක් අත් අඩංගුවට පත් වේවි. නමුත් අවසානයේ මතු දිනයක අත් අඩංගුවට පත්වන ජනතාව නිදහස් කර ගැනීමටත්, ඔවුන්ට පහරදීම් සිදුකල පොලිස් හමුදා නිලධාරීන්ට විරුද්දව නීතිය ක්‍රියාත්මක කිරීමත් සිදුවනු ඇත.
මේ සිදුවෙමින් පවතින්නේ සිතා ගැනීමටවත් අපහසු දෙයකි. ජනතාව පිලිබදව මේ වන විටත් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වී තිබේ. එළබෙන ජුනි 9 වැනිදා ගැන පාර්ලිමේන්තුවේ ලිය වී තිබේ. එයින් ආරක්ෂක හමුදා මෙන්ම පොලිස් නිලධාරීන්ට රතු එළියක් නිකුත්ව තිබේ. නීතිවේදීන් මෙන්ම විපක්ෂ දේශපාලනයට පවා දැන් සිදුව තිබෙන්නේ රටේ ජනාධිපති එළවීම සදහා ආරක්ෂක හමුදා සහ පොලිසිය සමග ගැටීමටයි. එම ගැටුමෙන් ආරක්ෂක හමුදා මෙන්ම පොලිසියද තාවකාලික ජයග්‍රහණයක් ලබනු ඇත. නමුත් ආණ්ඩු පෙරලියකදී ඔවුන් ලැබූ ජයග්‍රහණය කණපිට හැරෙමින් ඔවුන්ට දඩුවම් විදීමටද සිදුවනු ඇත.
මැයි 9 වැනිදා කිසිවෙකුත් සිතනා අයුරින් කිසිවෙකුටත් ලෙහෙසි නොවනු ඇත. එය ආරක්ෂක ලේඛම්වරයාගේ සිට සියලුම ආරක්ෂක ප්‍රධානින්ගේ බෙල්ලට තොන්ඩුව වැටෙන දිනයක් වනු ඇත. ඔවුන්ගේ බෙල්ලට තොන්ඩුව වැටෙන්නේ 9 වැනිදාට නොවේ. මතු දිනකදීය.
එසේම ජනාධිපතිවරයා අද හෝ හෙට ලංකාවෙන් පිටව යනු ඇත. ඔහු ඉවත්ව තනතුරින් ඉවත්ව නොයන්නේ නම් තාවකාලිකව හෝ ජනාධිපතිවරයා කටාර් හෝ වෙනත් රාජ්‍යයකට පිටත්ව යන එක වඩාත්ම සුදුසු වේ. නැති වුවහොත් නිසැකවම මැයි 9 වැනිදාට ජනාධිපතිවරයාගේ බෙල්ලෙන් අල්ලා ගැනීමට ජනතාව කටයුතු කරනු ඇත.
නමුත් ජනාධිපතිවරයා රටින් පිටවන්නේ නම් එය ආරක්ෂක අංශ බලධාරීන්ට තවත් බලපෑමක් ගෙන දෙයි. ඒ පසුගිය මැයි 09 වැනිදා මෙන් දේශපාලන අධිකාරියෙන් තොරව ආරක්ෂක ප්‍රධානීන්ට සෘජුවම වගකීමට සිදු වීමයි. මෙහිදී රටේ විපක්ෂය, සිවිල් සංවිධාන, රාජ්‍ය සේවකයන්, ආගමික නායකයන් , නීතිවේදීන් ඇතුළු සමස්ත ක්‍රියාකාරී පද්ධතියම ක්‍රියාත්මක වන්නේ ජනාධිපතිට විරුද්ධවය. නමුත් ජනාධිපති වෙනුවෙන් බෙල්ල තබන්නේ ආරක්ෂක අංශයි. ආරක්ෂක අංශ විසින් නිවැරදි ක්‍රියාවක් සදහා වෙඩි තැබීමක් සිදුකළහොත්, අවම බලය භාවිත කලද, එම සියලුම දේවල් වලට වඩා මහජන නැගී සිටීම් ප්‍රබල බැවින් ආරක්ෂක අංශ ප්‍රධානීන්ට ජුලි 09 “ ගිරයට හසු වූ පුවක් ගෙඩියක් සේ” කටයුතු කල යුතුව තිබේ.
එසේ නොමැතිව තමන්ගේ බලය පෙන්නීමට ගියහොත් එයින් රට පුරාම ලේ ගංගාවක් ගලනු ඇති අතර නිශ්චිත ලෙසම ආරක්ෂක ලේකම්ගේ සිට පහලට ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ බෙල්ලට තොන්ඩුව වැටෙනු ඇත. එය පාස්කුවලට එහා ගිය අපරාධයක් වනු ඇත. ඔවුන්ට ගැලවීමට කිසිසේත්ම ඉඉදක් නොලැබෙනු ඇත. මාර්තු 31 සිටම සිදුවන කටයුතුවලින් පීඩා විදින ජනතාවගේ කදුළු කැට ජුලි 9 වැනිදා පිටවනු ඇත්තේ රාක්ෂක ගින්නක් සේය. එම ගින්න ඇති වීමට පෙර නිමා දැමීමට ජානධිපතිවරයා අසමත්වීමේ ප්‍රතිපලය කුමක් වේවිද යන්න බලා ගැනීමට සිදුවන්නේ ජුලි 9 වනිදාටමය.