මේ වන විට කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන අරගලය වෙත අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බලමණ්ඩලය අද පා ගමනින් පැමිණීමට නියමිත බැවින් කොළඹ නගරයේ විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙන බවද, මාර්ග හරහා ස්ථීර මාර්ග බාධක යොදන බවද දක්නට තිබේ.
අරගලය විසුරුවා හැරීමට විවිධ උපක්‍රම යෙදුවද ඒ සියලු උපක්‍රම හමුවේ ආරක්ෂක අංශ පරාජයට පත් විය. ආරක්ෂක අංශ තමන්ගේ නිල ඇදුම ලෙයින් සහ කුණු වලින් නා ගත්තා හැර ලැබු ජයග්‍රහණයක් නැත.
ආරක්ෂක අංශ මෙසේ අසමත් වීමට හේතු ගණනාවක් තිබේ. මිරිහානේ අහිංසක විරෝධතාකරුවන්ට හට පහර දී සමස්ත ලංකාවේම උද්ඝෝෂණ මැඩපැවැත්විය හැකි යයි ඔවුන් විශ්වාස කලා විය හැකිය. නමුත් එයින් සිදු වුයේ ලංකාවම පුරාම උද්ඝෝෂණ රැල්ලක් ආරම්භ වීමයි.
මිරිහානේ කලු පැල්ලම යට ගැසීමට කව්රුන් හෝ කටයුතු කලහොත් හෝ තිබේ නම් නැවත අවුරුදු ගණනකින් හෝ එයද නැවත නැවත මතුවනු ඇති අතර පහර දුන් ආරක්ෂක නිලධාරීන්ට සැගවී සිටීමට ලෙහෙසි නොවනු ඇත.
මිරිහානෙන් පාඩම් ඉගෙන නොගත් මන්ද මානසික දේශපාලන හිතෙෂී පොලිස් නිලධාරීන් රඹුක්කනදී පත්තුකල වෙඩිවලින් ලෝකයම ගිනි ගත්තේය.
ගාලුමුවදොර අරගලය තුල බලය හෝ ගැටුම් ඇතිකරවා නිමා කරවීමට හමුදාව හෝ බුද්ධි අංශ කටයුතු කරන්නේ නම් අනිවාර්යෙන් ම එම පිටපත්ද අසමත් වනු ඇත. මක් නිසාද යත් මේ පවතින අරගලයේ ස්වභාවය, හැඩය, ප්‍රමාණය, ආදී බොහෝ දේ ඔවුන් හදුනාගෙන නැති බැවිනි. එය ජනාධිපති හෝ රජයද තේරුම් ගෙන නැත. තේරුම් ගත්තේ නම් නොකල යුතු දේ සිදු නොකරනු ඇත. එසේම වර්තමාන ස්වභාවය පිලිබදව ඇති දැනුම කොයි තරම් දුර්වලද යත්, රජය පාර්ශ්වයෙන් නිසි තීරණ නොගෙන උපක්‍රම ඹස්සේ විවිධ ගැට ගැසීමට උත්සාහ කිරීමෙන් එම ගැටයේ හිරවනුයේ ආරක්ෂක අංශ බව තේරුම්ගෙන නැත.
මෙම උද්ඝෝෂණය කිසිවක් උපක්‍රම ඔස්සේ විසුරුවා හැරීම තව තවත් දරුණු අවස්ථා උදාවනු ඇත. පොලිසිය ඊයේ ඉඟියක් ලබා දෙමින් අධිකරණයට සැලකර සිටියේ ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීමට ඉඩකඩ තිබෙන බවයි. පොලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශ එවැනි ක්රියාවක් සිදු කිරීමට සැලසුමක් තිබෙන බව ලබු දුන් ඉගිය එයයි. එහි ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිකල අය පාලනය කිරීමටද අරගල කරුවන් කටයුතු කර තිබේ.
ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවිය හැකි බවට වේලාසනම අධිකරණය දැනුවත් කර තිබීම ආරක්ෂක අංශවලට යහපතකි. පසුව මොන දේ කලත් ආරක්ෂක අංශවලට ගැටුවක් ඇති නොවීමේ උපක්‍රමය ඔවුන් භාවිතා කලාද විය හැකිය.
ඔවුන්ගේ එම තිරපටයද අසමත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකිරීමට කටයුතු කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ. අවසානයේ අහිංසක පොලිස් නිලධාරින් හෝ හමුදා නිලධාරීන් අමාරුවේ නොවැටෙන ලෙස කටයුතු කිරීමේ වගකීම ආරක්ෂක ප්‍රධානීන් සතුය. වෙනත් අරගල වලට වඩා මෙම අරගලයේ හැඩය නිසි ලෙස හදුනා නොගැනීම කෙතරම් බරපතලද යත් දිනෙන් දින අරගලයට එකතුවන ප්‍රමාණය වැඩි වෙමින් පවතී. ලබන මස අවසානය වන විට ගම් පිටින් ප්‍රධාන මාර්ගයන් අවහිර කිරීමට තරම් තත්වය දරුණු බවද, මෙම ප්‍රශ්නය මර්ධනයෙන් නිමා කල නොහැකි බවද, කිසිම පුල්ගලයෙකු තවමත් තේරැම්ගෙන නැති බව පැහැදිලිය.
ජායාරූපය අන්තර්ජාලයෙනි.














































