ඇඹිලිපිටිය කුට්ටිගල ඉන්ධන පෝලිමට අප එකතු උනේ ඉන්ධන හල් 7 කම පෙට්‍රල් නොතිබුණු නමුත් එහි පෙට්‍රල් ලබා ගැනීම සදහා දැවැන්ත පෝලිමක් තිබු බැවිනි. ඩීසල් ලබා අගනීම සදහා පැමිණ තිබු වාහන එය අවට නැවත තිබුණි.
“ අයියලා අද කොහේ පොලේද ගියේ ?”. කුඩා යතුරුපැදියක සිටි කාන්තාවක් තවත් වයසක පුද්ගලයෙකුගෙන් ඇසුවේය.
“ අද ගියේ අගුනකොලපලැස්ස පොළට”” වැඩක් නැහැ” පිරිමි පුද්ගලයා පිළිතුරු දුන්නේය.
“මමත් එහෙ ගියේ. වැඩක් නෑ අයියේ. රාබු 500 කුයි පුවාලු කැනක් දුන්න. එච්චරයි. එළවලු ඔක්කොම වේලෙනවා. හෙට ඇඹිලිපිටිය පොලේදී ගොඩවල් ගහලවත් විකුනනවා. වෙන මොනවා කරන්නද. අද රුපියල් 400 යි හෙව්වේ. ඒකෙන් මේ තෙල් ගහනවා. මොනා කරන්නද කියල තේරෙන්නේ නැහැ අයියේ.” තෙල් පෝලිමේ අපට ඇසුනේ එවැනි දුක් අදෝනා ගනනාවක් මෙන්ම මිනිසුන් යම් කුපිත වීමකට ලක්ව තිබෙන බවයි.
පෝලිමේ ඉදල පෙට්‍රල් ගහගෙන පොඩියට විඩියෝ කෑල්ලකුත් දාගෙන අපි ගියේ තේ එකක් බොන්න පුංචි හෝටලයට.
“ මුදලාලි ඇයි පාන් ඉතිරිවෙලා ?” මා ඇසුවෙමි.
“පාන් විකිනෙන්නේ නැහැ මහත්මයා” පිළිතුර මුදලාලිගෙනි.
“ අපරාදෙනේ ඉතින් ගන්නේ ?” පෙරලා ප්‍රශ්නය මගෙනි.
“ දැන් ගන්නේ බාගයයි. වෙනද පාන් 30 ක විතර ගන්නවා. දැන් ගන්නේ 15 ක් විතර. ඒකත් ඉතිරි වෙනවා මහත්මයා”. පිළිතුර මුදලාලිගෙනි.
“ අපි ගත්තේ ප්ලේන් ටී දෙකයි . ගාන කියද ? “ ප්‍රශ්නය අපෙන්.
“ රුපියල් 80 යි මහත්තයා.”
අපි එතනිනේ පිටත් උනේ ඇඹිලිපිටිය දිසා අධිකරණය වෙතයි. ඒ එක්තරා නඩුවක සම්පූර්ණ ගොනුවක් ලබා ගැනීමටයි.
එහිදී කිසිම රස්තියාදුවක් නොවුනත්, රෙජිස්ටාර්වරිය රාජකාරී කටයුත්තක් සඳහා විනුසුරුවරයාගේ නිල මැදිරියට ගොස් සිටි නිසා පැයක් පමණ එහි රැදී සිටීමට සිදු විය.
ලිපිගොනුවට ගිය මුදල රුපියල් 11,000 කට ආසන්න විය. එයින් 30% ක් රෙජිස්ටාර් හටත් තවත් සියයට ගනනක් නිලදාරීන් අතාර බෙදී යයි. එය නීතියකි. සමහර උසාවි වල නඩු වාර්තා වලින් ලක්ෂ ගනනක් එසේ හොයන අතාර එයින් සුළු මුදලක් රජයට ලැබෙන අතර සමහාර නිලදාරීන් වැටුප මෙන් දෙතුන් ගුණයක් එසේ නඩු ගොනු වලින් ලැබෙන මුදලින් අරමුදලක් ලෙස ලබයි.
කෙසේ වුවත් විදුලිය කැපීම හේතුවෙන් එය කොතරම් දුරට සාර්ථක වේදැයි ද යන්නද එහිදී ගැටළු මතු විය.
එම පිටපත් අපට ලබන මස 9 වෙනිදාට ලබා දීමට කටයුතු කරන ලෙස ඉල්ලා අප පිටත් වුයේ ජායා පිටපත් ලබා ගැනීම සදහා පොත් හලක් වෙතයි. වෙනදා රුපියල් 3 ට ගැසූ පිටපත දැන් රුපියල් 10කි. “ හැම දේම ගන්න නේ?” මම අසු ප්‍රස්නෙට ලැබුන පිළිතුර “ ඔව් මහත්මයා, හැම දේම එකකට එකකටත් වැඩ වැඩි. රුපියල් 450 ට වගේ තිබුන පොටෝ කොපි කොළ පැකට් එක ඊයේ දැම්මේ රුපියල් 2150.00 ට. ඒකත් දුන්නේ පෙට්ටි දෙකයි.
“කොපි පොත් කොහොමද ?” රුපියල් 57 එක දැන් රුපියල් 93 යි”
ඒ අතර නගරයේ පාසල් වලට එන දරුවන් විශාල ප්‍රමානයක් මේ වන විට පුද්ගලික වාහන වල ගමන් කිරීම නවතා තිබේ. ඒ මුදල් නොමැතිකමයි. විවිධ කොන්ත්‍රාත් සමාගම් වලට මෙන්ම කුඩා පරිමාන සහ මහා පරිමාන ව්‍යාපාරද සීග්‍රයෙන් බිද වැටෙමින් තිබේ. ඒ අතර පීඩාවට පත්ව නොසිටි ජනතාවාද පීඩාවට ලක්වෙමින් සිටි. එම ප්‍රමාණය දිනෙන් දින වැඩි වෙමින් තිබේ.
මේ අකාරයෙන් ගමින් ගමට නගරයෙන් නගයට යන එන අතරේ ඇහෙන්නේ මෙවැනි කතා පමණි. එහෙත් පාලක පන්තියට මේවා ඇසෙන්නේ නැත්තේ ඇයිද යන්න අපටද ගැටළු සහගතය. කුමක් හෝ දැවැන්ත විනාශයක් ලග ලගම පැමිණෙමින් තිබෙන බව අපටද දැනෙමින් තිබේ.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න














































