මීරිගම සිට කුරුණෑගල දක්වා වන මධ්‍යම ධිවේගී මාර්ගයේ කොටස අද (15) ජනතා අයිතියට පත්කරන ලදී.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද එම උත්සවය පැවැත්විනි.
මේ වන විට එම කොටසේ ගාස්තු අයකිරීම් සිදුවන ආකාරය පිළිබඳව ද ගැසට් පත්‍රයක් මගින් නිකුත් කර ඇත.
ඒ අනුව මීරිගමින් ඇතුළු වී කුරුණෑගලින් පිටවීමට ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා අන්තරු හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රු.100.00 ක් වන අතර එහි උපරිම ගාස්තුව රු.250.00 කි.
ඇක්සල් දෙකේ රෝද හතරේ වාහන සඳහා මීරිගමින් ඇතුළුවී යග්ගපිටියෙන් පිටවීම සඳහා රු.250.00 අය කෙරේ.
ඇක්සල් දෙකේ රෝද හයේ වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර අවම ගාස්තුව රු.150.00 කි.
මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන් වීමටත්, මීරිගමින් ඇතුළු වී යග්ගපිටියෙන් පිටවීමට රුපියල් 350.00ක් අයවේ.
ඇක්සල් දෙකට වැඩි වාහන සඳහා අන්තර් හුවමාරු දෙකක් අතර රු.150.00 ක ගාස්තුවක් අය කෙරෙන අතර එම වාහන සඳහා මීරිගමින් ආරම්භ වී කුරුණෑගලින් අවසන් වීමටත් මීරිගමින් ආරම්භ වී යග්ගපිටියෙන් අවසන්වීමටත් රු.550ක් අය කෙරේ.
මීට අමතරව කුරුණෑගල හා යග්ගපිටිය අතර ගාස්තුවක් අය කිරීමකින් තොරව ගමන් කිරීමට අවස්ථාව ලබා දී ඇත.














































