නවගමුව , මාපිටිගම පාලම අසල කැලණි ගඟේ දිය නෑවීම සඳහා රැගෙනවිත් තිබූ අලියෙකු ගඟ අසල ප්‍රපාතයකට ඇදවැටීමෙන් අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ .
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ වයස අවුරුදු 70 ක් වන මාපිටිගම ප්‍රදේශයේ අලියෙකි.
අලියා නෑවීමෙන් අනතුරුව පඩිපෙළකින් පාලම මතට රැගෙන යාමේදී අඩි 20ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර අලියාගේ එම ඇදවැටීමත් සමග අසාද්‍ය තත්ත්වයට පත්ව තිබේ.
අනතුරුව පශු වෛද්‍ය නිලධාරීන් පැමිණ මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව දොඹකරයක ආධාරයෙන් අලියා ගොඩට ගෙන වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගොස් තිබේ.